gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිස්ත්‍රික් 02කට නාය යෑමේ අනතුරු ඇඟවීම්!

රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙක සඳහා ඉදිරි පැය 24 කාලයකට බලපැවැත්වෙන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. අද (13) පස්වරු 03.30 ට නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය , බුලත්සිංහල, වළල්ලාවිට , පාලින්ද නුවර සහ දොඩංගොඩ ප්‍රදේශවල නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බවයි. 
එමෙන් ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට , රත්නපුර , ඇළපාත , අයගම, කිරි ඇල්ල , පැල්මඩුල්ල , කලවාන , නිවිතිගල යන ප්‍රදේශවලද නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බවයි.

එබැවින් දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 පුරාවටත් බලාපොරොත්තු වනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති වනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

මේ අතර ඊයේ (12) පෙරවරු 8.30 සිට අද පෙරවරු 8.30 දක්වා ගතවූ කාලය තුල වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ හෑගොඩ ප්‍රදේශයටයි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka