gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද සහ බැසිල් ඇතුලු ප්‍රබලයින් රැසක් සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව මෙන්න

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා. 
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

අදාළ පෙත්සම් වලින් කරුණු ඉදිරිපත් කර තිබූ වගඋත්තර කරුවන් විසින් ඇමරිකානු ඩොලරය රුපියල් 203/- ක වටිනාකමේ රඳවා ගැනීමට උත්සාහ කිරීම, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඉකුත් ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීම සහ ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගැනීම යන කාරණා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විගණකාධිපතිවරයාට නියෝග කළා.

එම වාර්තාව ලබන වසරේ ජනවාරි මස 18 වනදා ට පෙර ගොනුකළ ලෙසයි අධිකරණය විගණකාධිපති වරයාට නියෝග කළේ.

ඊට අමතරව වත්මන් ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් පියවරයන් ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ රාණි ජයමහ යන අය පාර්ලිමේන්තු කෝප් කමිටුවේ දී සිදුකරන ලද ප්‍රකාශ වලට අදාළ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම බැංකුවේ මූල්‍ය මණ්ඩලයට නියෝග කළා.

එම ලේඛන නොවැම්බර් මස 30 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට නියෝග කළේ.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් ජනවාරි මස 09 වන දා යළි කැඳවීමට නියෝග කෙරුණා.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජූලියන් බෝලිං ඇතුළු පිරිසක් විසින් එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබුණා.

විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකු වන මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් විසින් තවත් පෙත්සමක් ඉදිරිපත් කළා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka