gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්ද බලය අතට ගනී – බැසිල්ටත් උඩින් පොහොට්ටු ලේකම්ට නියෝගයක්!

පක්ෂ විනය කඩ කරන ඕනෑ ම තරාතිරමක මන්ත්‍රීවරයෙකුට ගත හැකි ඉහළ ම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, පොදුජන පෙරමුණු මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා. 
පසුගියදා තඹුත්තේගමදී සිදුවූ මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට පත් වීම පිළිබඳව අවධානය යොමු කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

විශේෂයෙන්ම පොදුජන පෙරමුණු පක්ෂය බල ගැන්වීම් කටයුතු කෙරෙමින් පවතින කාලවකවානුවක මෙවැනි දේ ඇතිවීම නිසා එම කටයුතුවලට බාධා මතුවන බව ද එම නිසා ගම තුළ පක්ෂ කටයුතු පවත්වාගෙන යාම ගැටලුවක් වන බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බල ගැන්වීම් කටයුතු සාර්ථකව මේ වන විට කරගෙන යන නිසා ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට උපරිම ලෙස පක්ෂයේ විනය කටයුතු පවත්වාගෙන යන ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණු ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ.

පසුගියදා තඹුත්තේගමදී සිදු වූ මංකොල්ලයක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට පත් වූ අතර ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළේ.

එම මංකොල්ලයට ඔහු වරදකරු වුවහොත් අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරය ද අහෝසි කරන බව පක්ෂ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසුවා.

පක්ෂයේ බලගැන්වීමේ කටයුතු දිවයින ම ආවරණය වන පරිදි සාර්ථකව මේ වන විට පවත්වාගෙන යන බව ද ඕනෑ ම පක්ෂයක විනය පිළිබඳ යම් ප්‍රශ්න මතු විය හැකි බව ද ඒවා අවම කර ගනිමින් නැවත මෙරට බලය ලබා ගැනීමට පොදුජන පෙරමුණ සූදානම් බව ද මේ පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසුවා.

පක්ෂයේ විනය කඩ කරන ඕනෑ ම කෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගැනීමට තමා පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අනිවාර්යයෙන් කටයුතු කරන බව ද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා සහ ජාතික සංවිධායක වරයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතායි.

මේ වන විට සංවිධායකවරයාගේ වැඩ බැලීම සඳහා නාමල් රාජපක්ෂ මහතා ද පත් කර තිබෙනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka