gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“අපි වමේ බලවේග හතරෙන් තුනක් අල්ලා ඉවරයි... ඉතුරු කොටසත් අපි එක්ක ඉදිරියට එනවා” – වෙල්ගමගෙන් සහතිකයක් (VIDEO)

ආණ්ඩුව පෙරළීම සඳහා සමගි ජන බලවේගය ඇතුළු සියලු පක්ෂ එක මතයක පිහිටා එක්ව කටයුතු කළ යුතු බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවා. 
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“ආණ්ඩුව පෙරළනවා නම් ටෙලිෆෝන් එකත් එක්ක එක්කහු වෙන්න ඕනේ. මේ ආණ්ඩුවට යන්න බෑ නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කොච්චර හොඳ වුණත් එයාට යන්න දෙන්නේ නෑනේ පොහොට්ටුව. පොහොට්ටුව එයාගේ කකුලෙන් අදිනවා. ඉතින් හොඳ ම වැඩේ තමයි අලුත් මැතිවරණයකට යන එක.”

“මම වැඩිය කතා කරන්න යන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ හින්දා මම මේ හති අරින්නෙත් ඒක හින්දා තමයි. ඒගොල්ලන්ට හොඳ අනාගතයක් තිබුණා. නමුත් අරගලයේ සැබෑ අරගලකරුවන් කරපු ජවනිකාව නෙවෙයි ඒගොල්ලන් කළේ. ඒගොල්ලන් කළේ වෙන ජවනිකාවක්.”

“බලවේගයක් නම් නෑ. ඒක බොරු. රාජපක්ෂලාගේ බලවේගය බිඳ වැටිලා ඉවරයි. රාජපක්ෂලාට ආයෙත් මට පේන තෙක් මානයේ එන්න බෑ. හැබැයි ඉදිරියේදී රාජපක්ෂ මහත්තයාව ජනාධිපතිතුමාට එයාව අගමැති කරන්න පුළුවන්. ඒක වෙන ම කතන්දරයක්. නමුත් ජනතාවගේ නම් ප්‍රසාදයක් ඇත්තේ ම නෑ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka