gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතියි පුතයි එකතු වෙලා නකල්ස් රක්ෂිත මායිමේ අනවසර හෝටලයක් ගහලා! සරණංකර නාහිමි ස්නානය කරපු තැනත් ‌සමතලා කරලා!

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ සහ ඔහුගේ පුතු තරින්ද අමරසිංහ විසින් ඓතිහාසික සහ කෘෂිකාර්මික වශයෙන් අතිශය වැදගත් පාරිසරික සංවේදි භූමිභාගයක සිදුකරන හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමක තොරතුරු මාතලේ රත්කිඳ ප්‍රදේශයෙන් වාර්තා වේ. 
ලෝක උරුම නකල්ස් රක්ෂිතයට මායිම්ව පිහිටි මේ ප්‍රදේශය හරහා මොරගහකන්ද ජලාශයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය දෙකෙන් එකක් වන තේලගමුව ඔය ගලායන අතර, කෘෂිකාර්මික කටයුතුවලට ජලය සපයන කටුපොල්ලන්ද කටුකිතුලේ ඇළද මේ ආශ්‍රිතව පිහිටා තිබේ.

ඔයට මීටර් 100ක් පමණ නුදුරින් හෝටලයේ ඉදිකිරීම් සිදුවන අතර, එහි සිට සංචාරකයන්ට ඔයට යෑමට ගල් ඇතිරූ පඩිපෙළ සහිත මාර්ගයක්ද සැකසෙමින් පවතී.

වැලිවිට සරණංකර සඟරජ හිමියන් දිය ස්නානය කළ තොටක් මෙම ප්‍රදේශයේ පවතින බව ඇටම්වල ගම්වැසියන් විශ්වාස කරන අතර, ඒ ආශ්‍රිතව ඔවුන් කිරි ඉතිරවීමේ මංගල්‍යයක්ද පවත්වයි.

සංචාරකයන් ගැවසෙන්න පටන්ගත් කල මේ සංස්කෘතික අගයන්ට හානි පැමිණිය හැකි බවත්, අදාළ ඉදිකිරීම්වලදී ඔයේ ජල පෝෂක ප්‍රදේශයටද හානි වී ඇති බවත් ගම්වාසීහු පෙන්වා දෙති.

හෝටල් සංකීර්ණයට ළඟාවීම සඳහා අඩි 6ක් පළල, මීටර් 500ක දිගින් යුත් ප්‍රවේශ මාර්ගය නිම වෙමින් ඇත්තේ කටුකිතුලේ ඇළ හරහා බුලත්වැල්හේන මැදින් වන අතර, මේ වන විට එහි මීටර් 200ක පමණ කොටසක වැඩ අවසන්ව පවතී. මේ ඉදිකිරීම් නිසා ඇළ ඉවුරුවල ස්වාභාවික ගල් පවා ඉවත් කරනු ලැබ ඇති අයුරු දැකගත හැකිය.

කුඹුරු හිමියන්ට විවිධ උපකාර කර, කුඹුරුවලට පිවිසීමට හොඳ පිවිසුම් මඟක් සකසා දෙන බවට ඒත්තු ගන්වා, ඔවුන් ලවා පල්ලේගම ප්‍රාදේශීය ලේකම්වරයා වෙතින් ගත් අවසරයක් හැරෙන්නට ප්‍රදේශයේ භූ දර්ශනයට අනුව මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ වන සංරක්ෂණ අධිකාරියෙන් හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වෙනත් කිසිදු නෛතික අවසරයක් මේ හෝටල් සංකීර්ණයේ හිමිකරුවන් ලබා ගෙන නැත.

lankasara


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka