gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිලියන 500ක ගල්අඟුරු වංචාව විගණනයෙන් හෙළි වුන හැටි

නොරොච්චෝලේ ලක්විජය  ගල් අගුරුබලාගාරයට (2021-2022) වාරය සදහා ගල් අගුරු සැපයීම වෙනුවෙන් ගල් අගුරු සැපයුම්කාර සමාගම් දෙකක් සදහා ඇමරිකානු ඩොලර් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ අනුනම දහස් එකසිය තිහක මුදලක් (27,499,130) ගෙවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වෙනවා. 
ගල්අගුරු සැපයිමේ දිර්ඝ කාලික ප්‍රසම්පාදනයේ සැපයුම්කරුවා වන SWISS SINGAPORE OVERSEAS ENTERPRISES සමාගම වෙත ඇමරිකානු ඩොලර් එක්කෝටි පනස්හය ලක්ෂ අසුපන්දහස් තුන්සිය හැටදෙකක (15,685,362) මුදලක් ගෙවිමට තිබෙනවා.

එමෙන්ම ක්ෂණික ප්‍රසම්පාදනයේ සැපයුම්කරුවා වන SUEK AG සමාගම වෙත ගෙවිමට ඇති මුදල ඇමරිකානු ඩොලර්  එක්කෝටි දහඅටලක්ෂ දහතුන්දහස් හත්සියහැටඅටක්. (11,813,768)

මෙරට පවත්නා විදේශිය විනිමය අර්බුදය හේතුවෙන් 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 12 වනදින වනවිට මෙම මුදල් ගෙවිමට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

දිර්ඝ කාලික ප්‍රසම්පාදනය ගිවිසුම යටතේ අදාල සමාගම විසින් ගල් අගුරු මෙට්‍රික්ටොන් මිලියන1.125ක් සපයා තිබෙනවා.

ක්ෂණික ප්‍රසම්පාදනයට අදාල ගල්අගුරු සැපයුම්කරුවා වන SUEK AG සමාගම විසින් ගල් අගුරු මෙට්‍රික්ටොන් 351,894ක් සපයා තිබුණා.

ලලිත් චාමින්ද


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka