gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 50ක් තියාගෙන සිටි හෂාන්ට එරෙහිව කිසිම සාක්ෂියක් නොමැති බව ත්‍රස්ත විමර්ශන ඒකකයම අධිකරණයට කියයි! උසාවියෙන් නිදහස් කරයි! (VIDEO)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සමග අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 50ක් රඳවා ගෙන සිටි හෂාන් ජීවන්ත ගුණතිලක මුදා හැරීමට තංගල්ල මහෙස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර අද (7) නියෝග කර තිබේ. 
හෂාන් ජීවන්ත ගුණතිලකට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවූ බව පවසමින් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගෙන ඔහු මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමියන් සමග අත්අඩංගුවට ගත් හෂාන් ජීවන්ත ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

එහිදී හෂාන් ජීවන්ත සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහු දින 50ක් තිස්සේ රඳවා ගෙන ප්‍රශ්න කර ඇතැයි දැනුම් දී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ඔහු සම්බන්ධයෙන් විමර්ශන කළ ද එම පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට තරම් කිසිදු කරුණක් අනාවරණය නොවූ බව දැනුම් දී ඇති ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහු මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ජීවන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි දින 90ක් රඳවා තබා ගැනීමට අගෝ. 22 වන දා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අවසර ලබා දෙනු ලැබ තනි තිබිණි.

අනතර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අගෝ. 18 වන දා කොළඹ පවත්වන ලද විරෝධතාවක් අතරතුර ඔවුන් අත්අඩංගුවට පත් විය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka