gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරක් කටාව ඩුබායි පොලිසියෙන් මුදාහරියි!

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ සිටි නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා පොලිසිය මඟින් සිය අත්අඩංගුවෙන් පෙරේදා (03) මුදාහැර ඇතැයි එරටින් ලැබෙන තොරතුරු අනාවරණය කළේය. 
මෙරට මත්කුඩු ජාවාරමේ අංක එකේ ජාවාරම්කරුවකු මෙන්ම පාතාල අපරාධකරුවකු වූ හරක් කටා නමැත්තා එසේ නිදහස් කිරීමට මුල් වී ඇත්තේ ඔහුට එරෙහිව අපරාධ සම්බන්ධයෙන් වූ ගොනුව නිසි කලට මෙරටින් ඩුබායි බලධාරීන් වෙත ඉදිරිපත් නොවීමය.

ඩුබායි වෙත යොමු කළ යුතුව තිබුණු එම ගොනුව පෙරේදා (03) වන විටත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ තිබුණු බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පොලිස් ප්‍රධානින්ගේ රැස්වීමකදී ද අනාවරණය විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් එම ගොනුව සැත්තැම්බර් 18 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර ඇති බව ද එහිදී අනාවරණය වී තිබිණි. එහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙන්නේ අවශ්‍ය සම්බන්ධීකරණය කරමින් කඩිනමින් එම ගොනුව ඩුබායි බලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසය. ආරක්ෂක අමාත්‍යාංශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අතින්ම ගොස් භාර දුන් එම ගොනුව යොමු කළ යුතුව තිබුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයටය. ඩුබායි බලධාරීන් වෙත එම ගොනුව යොමු වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහාය. හරක් කටාව ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගන්නේ අගෝස්තු 11 වැනිදා ඩුබායි සිට මලයාසියාව බලා යෑමට ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදීය. 
 
ඒ ජාත්‍යන්තර පොලිසිය මඟින් ඔහුට එරෙහිව නිකුත් කර තිබුණු රතු වරෙන්තුවකට අනුවය. එසේ ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහු භාවිත කරමින් සිටියේ එම්. 6692136 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයයි. හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සකස් කර තිබුණු විදෙස් ගමන් බලපත්‍රකින් පෙනී සිටි හරක් කටාව එසේ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් එම විදෙස් ගමන් බලපත්‍ර අංකය හඳුනාගෙන ජාත්‍යන්තර පොලිසියට කර තිබුණු දැනුම් දීමකට අනුවය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරනුයේ පසුගිය වසර දෙකක කාලය තුළ පමණක් හරක් කටාගේ මත්කුඩු ජාලයට සම්බන්ධ හෙරොයින් ටොන් එකකට වඩා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති බවය. එවැනි ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා විට ඒ හා සමාන හෝ ඊට වැඩි ප්‍රමාණයක් මත්කුඩු මෙරටට රැගෙනවිත් ඇති බව ද අනුමාන කෙරේ. ඉකුත් මැයි 30 වැනිදා කොළඹ බැස්ටියන් මාවතේදී එල්ලවුණු වෙඩි ප්‍රහාරයත් සමඟ හිස එසවූ පාතාලයේ වෙඩි ප්‍රහාර රැසක්ම මෙහෙයවා තිබුණේ හරක් කටාය. හරක් කටාව ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමත් සමඟ පාතාලයේ තැන තැන සිදු වූ වෙඩි ප්‍රහාරවල යම් අඩු වීමක් දක්නට ලැබුණු අතර මත්කුඩු හිඟයක් ද රට පුරා ඇති වී තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව අදහස් හුවමාරු කර ගනිමින් හරක් කටාව නිදහස් නොකරන ලෙසත් කඩිනමින් ඔහුට එරෙහිව ඇති චෝදනා සහ අපරාධ ගැන ලේඛන ඩුබායි බලධාරීන් වෙත යොමු කරන බවටත් සඳහන් කරමින් හරක් කටාව මෙරටට ගෙන්වා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරුවේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුල්වී බොහෝ වැඩ කොටසක් කළද අදාළ ලේඛන නිසි පරිදි නිසි කලට එරට බලධාරීන් වෙත යොමු කර නොතිබීම නිසා හරක් කටාව නිදහස් කර ඇති බව සඳහන්ය. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සවස ජාත්‍යන්තර පොලිස් ශාඛාව මඟින් කළ සොයා බැලීමකදී ද හරක් කටාව නිදහස් කර ඇති බව තහවුරු වී තිබේ. හරක් කටාව බේරා ගැනීම සඳහා ජනාධිපති නීතිඥවරයකු ප්‍රමුඛ නීතිඥවරුන් පස් දෙනකුගේ කණ්ඩායමක් ඉකුත් සතියේ එරටට ගොස් එරට රැඳී සිටිමින් දැඩි මෙහෙයුමක නිරත වී තිබිණි. හරක් කටාව මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමට ත්‍රස්තවාදී පනතින්ද ඔහුට එරෙහිව පොලිසිය වරෙන්තුවක් ගෙන තිබිණි. ඒ ගල්කිස්ස අධිකරණයේ අගෝස්තු 04 වැනිදා එල්ල වුණු වෙඩි තැබීම මුල්කරගෙනය. පොලිසියේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කරනු ලැබුවේ “හරක් කටාව මෙරටට ගෙන්වා ගැනීමට අපි උපරිමයෙන් මහන්සි ගත්තා. ඒ හැම දෙයක්ම අන්තිමට වතුරේ ගියා “ යැයි කියාය.

ගයාන් කුමාර වීරසිංහ
dinamina


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka