හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ. දේශගුණ විපර්යාස අවම කිරීමට ගත යුතු පියවර නොගැනීමෙන් රජයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් පෙනී සිටිමින් නීතිපතිවරයා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ජනාධිපති ධුරයේ කටයුතු නොකරන බැවින් නීතිපතිවරයා ලෙස ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී නොසිටින බව ද අධිකරණයේ දී සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ජනාධිපති ධුරයේ කටයුතු නොකරන බැවින් නීතිපතිවරයා ලෙස ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී නොසිටින බව ද අධිකරණයේ දී සඳහන් කළේය.