gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ලංකාවේ යුද වීරයා ජනාධිපතිගෙ අධිආරක්ෂක කලාපවලට එරෙහිව උසාවි යයි!

කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 
ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), පොලිස්පති චන්දන වික්‍රමරත්න, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ නීතිපති වගඋත්තරකරුවන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නීතිඥ සුදත් වික්‍රමරත්න මෙම පෙත්සම ගොනු කර ඇත.

පෙත්සම්කරුවන් පවසන්නේ සාමකාමී විරෝධතා සහ රැස්වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහ ජාත්‍යන්තර සම්මුතීන් කිහිපයක් යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් මගින් ආරක්ෂා කර ඇති බවකි.

“මෙම සම්මුතීන් උල්ලංඝනය කිරීම මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුතීන් සහ යුරෝපා සංගමය පමණක් නොව දැනටමත් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කර ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමරිකා එක්සත් ජනපදය ගිවිසුම් උල්ලංඝනය කරන රටක් ලෙස හංවඩු ගැසීමට හා වෙන් කිරීමට හේතු වනු ඇත,” යැයි පෙත්සම්කරුවෝ කීහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka