දුමින්දගේ ශ්‍රීලනිප තනතුරක් ඉවතට!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඉවත් කර තිබෙනවා. දුමින්ද දිසානායක මහතා ඉදිරියේදී දිවුරුම්දීමට නියමිත කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූරයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවටද මේ වන විට තොරතුරු වාර්තා වනවා.
කෙසේ වෙතත් එවැනි අමාත්‍යධූරයක් ලබා ගතහොත් ඔහු පක්ෂයේ දැනට දරණ ජාතික සංවිධායක ධූරය, මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය ඔහුට අහිමි වනු ඇති.
දුමින්දගේ ශ්‍රීලනිප තනතුරක් ඉවතට!
2022-10-01T12:56:00+05:30
Gossip Lanka Hot News






