gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යෝජනාව අහිතකරයි! අපෙන් ඇහුවෙවත් නෑ! අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා! අලි සබ්‍රි ජිනීවාවලට දැනුම් දෙයි!

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය. 
එම සැසිය අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ කැමැත්තකින් හෝ අදහස් විමසීමකින් තොරව ඉදිරිපත් කර ඇති බවය.

එය ශ්‍රී ලංකාවට අහිතකර යෝජනාවලියක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර එහිදී අදහස් පළ කළ චීන නියෝජිතයා සඳහන් කළේ ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර මෙහිදී සැලකිල්ලට ගෙන නොමැති බවය.

මේ අතර රටවල් 37ක අනුග්‍රහයෙන් යුතුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාව ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී විවාදයට ගැනීම ආරම්භ කර තිබේ.

බ්‍රිතාන්‍යය, පාකිස්ථානය, බ්‍රසීලය ආදී රටවල් කිහිපයක් මෙම යෝජනා සම්බන්ධයෙන් මේ වනවිට අදහස් පළකර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka