gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැඩි ආරක්ෂාව මැද ප්‍රතිකාර ලැබූ ප්‍රභූවරයා කොළඹ ජාතික රෝහලෙන් රැගෙන යයි! දැන් සෞඛ්‍ය තත්වයත් හෙළිවෙයි!

ප්‍රභූ ආරක්ෂාව මැද කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ හිටපු නාවික හමුදාපතිවරයා මේ වන විට වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කර ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කළා. 
මේවන විට ඔහුගේ තත්වය සාමාන්‍ය අතට හැරෙමින් ඇති අතර එනිසා ඊයේ(30) කොළඹ ජාතික රෝහලෙන් ඔහුව වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.

අසාධ්‍ය රෝගී තත්ත්වයේ සිටි මෙම හිටපු නාවික හමුදාපතිවරයා ත්‍රිකුණාමලයේ සිට ගුවනින් කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බව වාර්තා වුවද පසුව සඳහන් වූයේ ඔහුව රැගෙන ආවේ නුවරඑළිය ප්‍රදේශයේ සිට බවයි.

නුවරඑළියේ සිට කොළඹට ගුවනින් රැගෙන එන විටත් එම හිටපු නාවික හමුදාපතිවරයා සිහි නැතිව අසාධ්‍ය තත්වයේ සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පැවසූවේ.

අප කළ සොයා බැලීමකදී වාර්තා වූයේ මෙලෙස ප්‍රභූ ආරක්ෂාව මැද ප්‍රතිකාර ලබා දී ඇත්තේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වන රවී විජේගුණවර්ධන මහතා බවයි.

මෙම හිටපු නාවික හමුදාපතිවරයාව විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් යටතේ හෙලිකොප්ටරයකින් රැගෙනවිත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට පසුගිය 28 වැනිදා ඇතුළත් කර තිබුණා.

ඔහුට අසාධ්‍ය ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් හේතුවෙන් පසුගිය 28 වැනිදා පෙරවරුවේ ගුවන් මගින් ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකය වෙත රැගෙන විත් තිබූ අතර ඔහු හෙලිකොප්ටරයකින් එහි ගෙනැවිත් ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුර තුළ පිහිටි රෝහලේ සිට යැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka