gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇති තරම් සල්ලි අච්චු ගහලා තියෙන්නේ... වියදම් දෙගුණ විය හැකියි - මහ බැංකු අධිපති

පසුගිය කාලයේ දී ඇති තරම් මුදල් අච්චු ගසා ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
 
එලෙස මුදල් අච්චු ගැසීම හා දිගින් දිගටම පොළී අනුපාත අඩු මට්ටමක පවත්වා ගැනීම නිසා වර්තමානයේ පවත්නා ඉහළ උද්ධමන මට්ටමට හේතු වී ඇති බවද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය මාධ්‍ය හමුවේදීය.

රජය ගැන සිතා කටයුතු නොකර රට ගැන සිතා රටේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව කටයුතු කළ යුතු බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව පොලී අනුපාත සකස් කළ යුතු බවද ඒ සඳහා මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කළ යුතු බවත් මහබැංකු අධිපති පැවසීය.

පොලී අනුපාත අඩු කළහොත් මෙරට උද්ධමනය සියයට 100කින් වැඩි විය හැකි බවද පැවසූ ඔහු පොලී අනුපාත පහළ දැමුවොත් වියදම් දෙගුණ විය හැකි වුවද තවදුරටත් පෙන්වා දුන්නේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka