gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රහස් පොලිසිය නිළියන් දෙදෙනෙක් පසුපස පන්නයි..

රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ වංචාවට ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන්, මෙන්ම භික්ෂූන් වහන්සේ ඇතුළු පුද්ගලයන් තුන්දහසකට අධික පිරිසක් හසුවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම පිරිස විසින් තිළිණි ප්‍රියමාලිට ලබා දුන් මුදල රුපියල් කෝටි දහස ඉක්මවන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙතරම් විශාල මුදලකට සැකකාර තිළිණි ප්‍රියමාලි කුමක් කළේද යන්න පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ දැඩි සැකයක් මතුව ඇත්තේ අධිකරණ නියෝග පරිදි තිකෝ සමූහ ව්‍යාපාරයේ ගිණුම් පරීක්ෂා කිරීමේදී එම ගිණුම්වල රුපියල් ලක්ෂයකටත් වඩා අඩු මුදලක් තිබීම හේතුවෙනි.

මෙම සැකකාරියගේ මුදල් වංචාවන්ට තමන් හසුවී ඇති බව පවසමින් ඇතැම් පිරිස් විවිධ පාර්ශ්ව ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පණිවුඩ ලබා දුන්නද මෙතෙක් පැමිණිලි ඉදිරිපත් කර නැත. මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව විස්සකටත් අඩු ප්‍රමාණයකි.

තමන් තිළිණි ප්‍රියමාලි ළඟ මුදල් ආයෝජනය නොකළ බව සඳහන් කරමින් පුද්ගලයන් 15 දෙනකු පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

සැකකාරිය වංචා කරන ලද මුදල් ඇය විසින් ලබාදී ඇතැයි කියන දෙදෙනකු සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අතර මෙතෙක් මෙම සිද්ධියට අදාළව අනාවරණය නොවූ ජනප්‍රිය මෙන්ම සුරූපී නිළියක් සහ ව්‍යාපාර හිමි ප්‍රවීණ නිළියක් සම්බන්ධයෙන් එම විමර්ශන කටයුතු සිදු කරන බවද වාර්තා වෙයි.

මේ අතර මෙම වංචාවට සම්බන්ධ ආයතනය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවද විමර්ශනයක් ආරම්භ කර ඇත. තිකෝ සමූහ ව්‍යාපාරය නම් මෙම ආයතනය මහ බැංකුව යටතේ ලියාපදිංචිය ලබා නැති අතර එම ආයතනය විසින් විවිධ පුද්ගලයන්ගෙන් තැන්පතු භාර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන නියාමන දෙපාර්තමේන්තුව විසින් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන නියාමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ ආයතනය විසින් සිදු කර ඇතැයි කියන වංචනික මූල්‍ය ගනුදෙනු පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තාවීමට ප්‍රථම, ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මහ බැංකුවට ලැබී නොතිබුණු බවයි.

– Aruna
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka