ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න නම් ‘එක්ටා’ ගිවිසුම අත්සන් කරනු..- ඉන්දියාව
මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත්තේ චීනය, ඉන්දියාව ප්‍රධාන ණයහිමියන්ට ගෙවීමට ඇති ණය සඳහා ඒ ඒ රටවල් සමඟ සාකච්ඡා කර ප්රතිව්යුහගත කිරීමක් සිදුකර ගන්නා ලෙසයි.
ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන තුරු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය වාරිකයක් හෝ නොලැබේ.
මේ හේතුවෙන් චීනය හා ඉන්දියාව සමග ලංකා රජය ණය ප්රතිව්යුහගත කිරීමේ සාකච්ඡා අරඹා තිබේ.
ඒ යටතේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ‘එක්ටා’ නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තැබීමට ඉන්දියාව කැමැත්ත පළකර ඇති අතර ඒ අනුව නොබෝ කලකින් එම ගිවිසුම අත්සන් කිරීමට ඉහළ මට්ටමේ එකඟතාවයකට පැමිණෙනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.
ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න නම් ‘එක්ටා’ ගිවිසුම අත්සන් කරනු..- ඉන්දියාව
2022-10-16T15:50:00+05:30
Gossip Lanka Hot News





