gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයවැය පරාජය කරනට බවට තර්ජනය කරන්න ගිය පොහොට්ටුවන්ට හතරගාතෙන් වැටෙන්න රනිල්ගෙන් උත්තරය!

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට  ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසකට අවශ්‍ය නම් අයවැය පරාජය කරන ලෙසත්    ඇමති මණ්ඩලය පත් කරන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට බවත් ජනාධිපතිවරයා දන්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට මෙම කණ්ඩායම කටයුතු කළ ආකාරය තමන් දුටු බව පවසා ඇති  ජනාධිපතිවරයා ඔවුන්ට දන්වා ඇත්තේ  මේ ආකාරයට කටයුතු කළ නොහැකි බවත් අවශ්‍ය නම් අයවැය පරාජය කර මන්ත්‍රී ධූරත් නැති ගරගන්නා ලෙසත්ය.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් වර්ජනය කළ, කැබිනට් ඇමති ධූර අපේක්ෂාවෙන් පසුගිය වකවානුව පුරාම පොරකමින් සිටින අතිශයින්ම ජනතා අප්‍රසාදයට පත් වී ඇති පොහොට්ටුවේ ප්‍රබලයින් කණ්ඩායමක් මීට දින දෙකකට පෙර ජනාධිපතිවරයා හමු වී තිබේ.

ඔවුන් ජනාධිපතිවරයාට යළිත් දන්වා ඇත්තේ වහාම කැබිනට් මණ්ඩලය පත් කරන ලෙසය. එසේ නොමැතිවුවහොත් මේ පවතින පීඩනය තුළ නොබෝ දිනකින් ඉදිරිපත් වීමට නියමිත අයවැය පරාජය වීමටත් ඉඩ ඇති බව මේ පිරිස ජනාධිපතිවරයාට අනතුරු අඟවා ඇත.

ඔවුන්  දන්වා ඇත්තේ විපක්ෂය අයවැය පරාජය කිරීම සඳහා පූර්ණ ලෙස සංවිධානය වී ඇති බව සිහිකරවන බවය. හැකි ඉක්මනින් කැබිනට් මණ්ඩලය පත් කර තමන් විසින් නම් කර ඇති රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබා දී මෙම තත්ත්වය පාලනය කරගන්නා ලෙස ඔවුන් ජනපතිට දන්වා ඇත.

මේ කතාව අසාගෙන සිටි ජනාධිපතිවරයා ඔවුන්ට දන්වා ඇත්තේ මේ ආකාරයට ආණ්ඩු කළ නොහැකි බවය.

එක් අවස්ථාවක 22වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට ඉදිරිපත් වූයේත්  මෙම කණ්ඩායම  බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා දැන් පැමිණ අයවැය පරාජය කරන බව දැන්වීම ගැන තමන් පුදුම නොවන බවය.

ජනාධිපතිවරයා දන්වා ඇත්තේ මෙම කණ්ඩායමට අවශ්‍ය නම්  අයවැය පරාජය කරවන ලෙසය.   අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට මෙය වෙලාව නොවන බව දන්වා ඇති ජනාධිපතිවරයා ඊට වඩා ප්‍රබල ප්‍රශ්න විසඳීමට ඉතිරිව ඇති බවත්,  ජනතාව අන්ත පීඩාවට පත් වී  සිටින මේ අවස්ථාවේ  කළ යුත්තේ එම ගැටලු නිරාකරණය කිරීම බවත් දන්වා තිබේ.

අවශ්‍ය වෙලාවට ඇමති මණ්ඩලය තමන් විසින් පත් කරන බව ද එය පත් කරන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට බව ද  හෙතෙම  පවසා තිබේ.

කැමති ඕනෑම කෙනෙකුට අයවැය පරාජය කිරීමට අවස්ථාව ඇති බව කියා ඇති ජනාධිපතිවරයා රටේ ප්‍රධානියා ලෙස  තමන් තීන්දු ගන්නේ රට ගැන කල්පනා කර බැවින්  ඊලඟ ඡන්දයක් තිබේ නම් එය තමන්ට ප්‍රශ්නයක් නැති බව ද ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා කියා ඇත්තේ  ඊලඟ ඡන්දයක් පැවැත්වුවහොත් මන්ත්‍රී ධූර අහිමි වන්නේ තමන්ට නොවන බවය.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka