gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගුලානේදී කඩු ගත් කොල්ලකරුවන් දුම්රියට පනිති.. මුදල්, රන් බඩු කොල්ල කා පැන යති..

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගත් දුම්රියකට කඩුවක් අතැතිවගොඩවූ කොල්ලකරුවන් දෙදෙනෙක් අද(6) කාන්තාවකගේ ගෙලබැඳි රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක මුදලක් තිබූ මුදල් පසුම්බියක් ද කොල්ලකා පලා ගොස් තිබෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය කියයි.

කොළඹ සිට වාද්දුව දක්වා ගමන් කරමින් තිබූ මන්දගාමි දුම්රිය අඟුලාන දුම්රිය ස්ථානයට අලුයම 05.30 පමණ ළඟාවී ඇති අතර එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා දුම්රියට ගොඩවී ඇතැයි විමර්ශන සිදුකරන ආරක්ෂක අංශ ප්‍රකාශකයකු පැවසීය.

සැකකරුවන් ගොඩ වූ මෙම දුම්රියේ ගමන්ගත් අඹු-සැමි යුවළක් බියවද්දා කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා තිබේ.

එහිදී පිරිමි පුද්ගලයා මුදල් පසුම්බිය ලබාදීමට විරෝධය පා ඇති අතර සැකකරුවෙක් අතැතිව තිබූ කඩුවකින්එම පුද්ගලයාගේ එක් අතකට කඩුවෙන් කොටා කාන්තාවට ද පහර දී ඇත.

එහිදී දුම්රියේ ගමන්ගත් තවත් මගීන් කිහිපදෙනෙක් එම ස්ථානයට පැමිණෙනවාත් සමඟ සැකකරුවන් ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පැන පළාගොස් තිබේ.

ලුනාව දුම්රිය ස්ථානය ආසන්නප්‍රදේශයේදී සැකකරුවන් පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරක් අනුව මොරටුව පොලීසිය වහාම ක්‍රියාත්මක වී එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පැන්න එක් සැකකරුවෙක් තුවාල ලබා දුම්රිය මාර්ගයේ වැටී සිටියදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අනෙක් සැකකරු එවන විට පැහැරගත්රන් මාලය සහ රුපියල් ලක්ෂ 2ක්වු මුදල් සහිත පසුම්බිය රැගෙන පළාගොස් ඇත.

සිද්ධියට මුහුණදුන් අඹු-සැමි යුවළ පල්ලෙමුණ දකුණ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් එහි සිටපැමිණ ඇත්තේ මොරටුව ප්‍රදේශයේ තිබෙන යතුරුපැදියක් මිලදී ගැනීමේ අරමුණින් බවද පොලීසිය පවසයි.

කඩු ප්‍රහාරයට ලක්වූ පිරිමි පුද්ගලයා සහ පහරකෑමට ලක්වූ කාන්තාව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

කොල්ලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ හිසට සිදුවූ තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබාදී ඇති අතර මෙම සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදී බන්ධනාගාරගතවූ පුද්ගලයක් බවත් ඔහු දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවත් පරීක්ෂණ සිදුකරනමොරටුව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදා ඇති බව මොරටුව පොලීසිය සඳහන් කළහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක අංශ ප්‍රධානියකු සඳහන් කළේ මේ තත්ත්වය යටතේ මෙවන් කාල වකවානුවල දුම්රිය ගමන් ගන්නා මගීන් ගේ ක් ආරක්ෂාව වෙනුවෙන් අදාල බලධාරීන් නිසි වැඩපිළිවෙළක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකකර අඩු තරමින් අලුයම හා රාත්‍රී කාලවලදී අවි සහිත ආරක්ෂක නිලධාරීන් දුම්රිය දෙපාර්තමේන්තුව මැදිහත්ව දුම්රිය වල ගමන් කිරීමට කටයුතු කළ යුතු බවයි

– තුසිත කුමාර ද සිල්වා
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka