gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ අර්බුදය ඇතිවුණේ අපේ ආණ්ඩුව නිසා නෙවෙයි. ඕනෑම මැතිවරණයකට අපි සූදානම් – නාමල්

වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ තම ආණ්ඩුව වුවත් මේ අර්බුදය ඇතිවූයේ තම ආණ්ඩුව නිසා නොවන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“අපි විශේෂයෙන්ම දැකපු දෙයක් තමයි පහුගිය කාලේ මේ රටේ ජනතාවගේ දේශපාලන අයිතිය නැතිකරලා තිබුණා අර 88 – 89 වගේ. ඉතින් නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහ දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාගේ ආණ්ඩුවට හැකියාව ලැබිලා තියෙනවා රටේ ජනතාවට නිදහසේ දේශපාලනය කරන අයිතිය දෙන්න. මොකද, ආණ්ඩු මාරුකරන්න බෑ කැරලි මගින්. ඒක අපි පිළිගත යුතු කාරණයක්. එහෙම දෙන්න හොඳත් නෑ. අපි එහෙම දෙන්න ඉඩ තියන්නෙත් නෑ. ඒ හින්දා නැවත වතාවක් මේ රටේ ජනතාවට දේශපාලනය කිරීමේ අයිතිය ලැබිලා තියෙනවා. ඉතින් අපේ පක්ෂයටත් ඒ අයිතිය තියෙනවා. පක්ෂයක් විදියටත් සන්ධානයක් විදියටත් ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. හැබැයි මේ අවස්ථාවේදී අපේ ප්‍රමුඛතාවය ලැබෙන පළමුවෙනිම කාරණය තමයි මේ රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන්න ආණ්ඩුවට සහ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය ලබාදෙන එක.

මේ තත්වයට මුහුණ දුන්නේ අපේ ආණ්ඩුව, ඒක අපි පිළිගන්න ඕනෙ. හැබැයි මේ තත්වය ඇතිවුණේ අපේ ආණ්ඩුව හින්දා නෙවෙයි. ඒ කාලෙ ආණ්ඩු ගත්තු පියවර නිසා ඇතිවුණු තත්වයක්. දැන් යහපාලන ආණ්ඩු කාලෙ ගත්තු ණය, ඒ කාලෙ ගත්තු තීන්දු පිළිබඳ දැන් කවුරුත් කතා කරනෙන් නෑ. එදා ගත්තු බොහෝ තීන්දු සහ පසුව අපි ගත්ත සමහර තීන්දුත් තියෙනවා – උදාහරණයක් හැටියට පොහොර තීන්දුව – එවැනි කාරණා නිසා අවසානයේ අපට මේ ඉරණම අත්වුණා. නමුත් දැන් අපි කළයුත්තේ ඉදිරියේදී මේ රට ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යන එක”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka