යාල ඇතුළේ ජිප්වලින් ගිහින් පිස්සු නටපු ඇමැති අමරවීරගේ ඥාති පුත් ‘දුලිත නුවන් අමරවීර’ අත්අඩංගුවට ගනී! රෑම ඇප දෙයි!
යාල වනෝද්‍යානයේදී වනජීවී නීති උල්ලංඝනය කරමින් සවාරි ගිය සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී අමාත්‍ය මහින්ද අමරවීරගේ සමීපතම ඥාතියෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අමාත්‍ය අමරවීරගේ සොහොයුරාගේ පුත් අමරවීර විදාන කංකානම්ගේ දුලිත නුවන් අමරවීර (29) නමැති අයෙකි. සැකකරු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.
සැකකරු වාහනයක් පදවාගෙන නොගියද වනජීවී උද්‍යාන නීති උල්ලංඝනය කිරීමේ පාර්ශවකරුවෙකු වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත. යාල උද්‍යාන පිවිසුමේ සීසීටීවී දර්ශනවලින් ඔහු හඳුනාගෙන ඇත.
ඊයේ රාත්‍රියේ වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ තම සහෝදරයාගේ පුතා එම සිද්ධියට අර්ධ වශයෙන් සම්බන්ධ දැයි තමන් තවමත් නොදන්නා නමුත් තම පුතා සිද්ධියට සම්බන්ධ බව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. කවුරුන් සම්බන්ධ වුවත්, වගකිවයුත්තන්ට එරෙහිව අපි පියවර ගන්නවා,” ඔහු පැවසීය
-mawratanews
යාල ඇතුළේ ජිප්වලින් ගිහින් පිස්සු නටපු ඇමැති අමරවීරගේ ඥාති පුත් ‘දුලිත නුවන් අමරවීර’ අත්අඩංගුවට ගනී! රෑම ඇප දෙයි!
2022-10-30T08:41:00+05:30
Gossip Lanka Hot News






