ඥානසාර හිමි හදිසියේම රටින් පිටට වැඩම කරලා …
බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි හදිසියේම විදෙස්ගත වී ඇති බව වාර්තා වේ. ඒ අනුව එහිමි අද (10) අළුයම 04.00 ට දිවයිනෙන් පිටව ගොස් ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේ.
රුපියල් කෝටි සිය ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවගේ ගනුදෙනුවලට අදාළව ඥානසාර හිමියන්ගේ ද නම සඳහන්ව තිබුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ද නියමිත බවට ආරංචියක් පැතිර ගොස් තිබිණි.
කෙසේවෙතත් ඥානසාර හිමියන් පසුගිය සමයේ පෙන්වූ සිංහ සෙයියාව අනුව එහිමියන් කීයටවත් CIDයට බයේ නම් රටින් පැනගියා වන්නට බැරි අතර රට ජාතිය වෙනුවෙන් කුමක්ම හෝ විශාල සේවාවක් ඉටු කිරීම සඳහාම රටින් පිටට වැඩම කළා විය යුතුය ….
-lankanewsweb
ඥානසාර හිමි හදිසියේම රටින් පිටට වැඩම කරලා …
2022-10-10T18:49:00+05:30
Gossip Lanka Hot News





