gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මියගිය තරුණියගේ ඥාතීන් හේමාස් රෝහලට එරෙහිව පොලිසි යයි!

වත්තල හේමාස් පෞද්ගලික රෝහලේ නොසැලැකිල්ල හේතුවෙන් මියගිය බව කියන හර්ෂණී ධර්මවික්‍රම නැමැති තරුණියගේ පවුලේ ඥාතීන් අද (01) වත්තල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පෞද්ගලික රෝහලේදී ඇයට සිදුකළ සැත්කමකදී සිදුවූ නොසැලකිල්ල නිසා ඇය මියගිය බවට අදාළ පැමිණිල්ලෙන් චෝදනා කර තිබේ.

ජා-ඇල - දෑලතුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මියගිය තරුණිය වත්තල හේමාස් පෞද්ගලික රෝහල වෙත යොමුව තිබුණේ උදරය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. 

එහිදී වෛද්‍ය හසංජය ගුණවර්ධන මහතා ඇයට පිත්තාශයේ ගල් හට ගෙන ඇති බැවින් ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවට යොජනා කර තිබිණි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පුහුණුව ලැබා ඇති අදාළ වෛද්‍යවරයා ආමාශ ආන්ත්‍රික ශල්‍ය වෛද්‍වරයකු  (Gastroenterological Surgeon) ලෙස හේමාස් රෝහල හඳුන්වාදී තිබේ.

එසේම ඔහුගේ නමට ඉදිරියෙන්  MBBS (Col ), MS (Col ), FRCS (Edinburgh), FRCS (Glasgow) ඇතැයි සඳහන්කර ඇත.

ඔහු SLMC - 10197 යටතේ ලියාපදිංචි වී ඇති වෛද්‍යවරයෙක් බවද කියා සිටී.

හේමාස් හි සට කපටකම්

මීට පෙර, ශ්‍රී ලංකා මිරර් අදාළ රෝහල විසින් රජයේ රෝහල්වල වල ශෛල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ගේ නම් ලයිස්තු ලබාගෙන රජයේ රෝහල්වල බෙහෙත්, ශෛල්‍ය කටයුතු සඳහා අවශ්‍යවන යෙදවුම් නොමැති බව පවසමින් රෝගීන් හෙම්බත් කිරීමේ  දුරකථන සේවාවක් සම්බන්ධයෙන් හෙළි කළේය.

එම හෙළිදරව්වෙන් පසුව ඔවුන් වහාම අදාළ සේවා නතර කර දැමීමට කටයුතු කළේය.

කෙසේවුවද, හේමාස් හි තවත් අකටයුතුකම් සම්බන්ධයෙන් මේවන විට අපට වාර්තා වී තිබේ. 

ඉදිරියේදී ඒ සම්බන්ධ අපි තවත් හෙළිදරව්වක් කරන්නෙමු.

හර්ෂණී රොහලේ ප්‍රතිකාර ලබන දසුන් ඇතුළත් වීඩියෝවක්ද මේවන විට සමාජ ජාල වෙතට මුදාහැර තිබේ. එය පහත දැක්වේ


උපුටා ගැනීම -srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka