gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල් සර්ගේ කැමැත්තෙන් ආපු බෙලිඅත්ත ඕඅයිසී කසිප්පු අල්ලපු නිලධාරියා මරාගෙන කන්න හදන හැටි.… (හඬපට සහිතයි)

බෙලිඅත්ත  ප්‍රදේශයේ හොර අරක්කු වැටලීමකට සම්බන්ධ වූ  බෙලිඅත්ත පොලිසියේ පොලිස් නිලධාරීවරයෙකුට බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති නින්දාසහගත ලෙස බැනවැදී  බෙලිඅත්තේ හොර අරක්කු ඇල්ලීම තහනම් කර ඇති බවට ප්‍රකාශ කරන හඬපටයක් මේ වනවිට සංසරණය වෙමින් පවතී.

හොර අරක්කු ඇල්ලූ නිලධාරියාට ස්ථානාධිපතිවරයා  පවසන්සේ මේ අවසාන අවවාදය බවත් බෙලිඅත්තේ ඉන්නවා නම් බෙලි අත්තේ ලෙස සිටිය යුතු බවත්ය.

නාමල් සර්ගේ සහ අගමැති තුමාගේ නියමයෙන් පැමිණි තමන් බෙලිඅත්ත පොලිස් ස්ථානයෙන් යන්නේ ඒඑස්පී තනතුරට උසස් වී බව සිහි තබාගන්නා ලෙස ද පවසන ස්ථානාධිපතිවරයා වැටලීම් කරන්නට නියෝග කළේ මත්ද්‍රව්‍ය මිස අරක්කු නොවන බවත්, හොර අරක්කු අල්ලන්නට එපා යැයි නියෝගය පැමිණ ඇත්තේ පොලිස්පති තුමා දක්වා වූ ඉහළ තැනකින් බවත් පවසයි.

“මෙතන ඉන්නවා නම් මම කියන විදිහට වැඩ කරනවා. මේ අවසාන අවවාදය. මට ලොකු මහත්තුරුන්ගෙන් බැනුම් අහන්න බෑ. “

අරක්කු අල්ලන්න එපා කියලා මම තමුසෙලට කියලා තියනවා. ඒක පොලිස්පති තුමාගෙන් ඉහළම දාපු නියෝගයක්. තමුසෙලට කිව්වෙ මත්ද්‍රව්‍ය අල්ලන්න. අරක්කු අල්ලන්න නෙමෙයි. දැන් මට කතා කරනවා හතර අතේ.

ලංකාවෙම සිද්ධ වෙන්නෙ එහෙමයි. මේ බෙලි අත්ත. බෙලිඅත්ත විදිහට ඉන්නවා. මාම මෙතනින් යවන්න බෑ මොකාටවත්.    මම මෙතනින් යන්නෙ ඒඑස්පී වෙලා.

අගමැතියි නාමල් සර්ගෙයි  කැමැත්තෙන් මම ආවේ. ඉන්නවා නම් ඒ විදිහට ඉන්නවා.  වටයක් ගහලනෙ ආවෙ. අයෙ වටයක් ගහන්න තමයි මේ තමුසෙ හදන්නෙ…“

එම හඬ පටය පහත දැක්වේ.
- lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka