gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“සමාජ මාධ්‍ය පාලනය නොකර ඉන්න බෑ” – ජනමාධ්‍ය ඇමති

පාර්ලිමේන්තුවේ ස්වයං විනයක් නැතිව තිබිය දී සමාජ මාධ්‍යයට ස්වයං නියාමනයක් පවත්වාගෙන යාමට දියුණු රටවල මෙන් අපේ රටට නොහැකියැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී කීවේය. 
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයකු සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලලක විසින් ඔහුගෙන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

එහි දී සමාජ මාධ්‍ය පාලනයට රජය සැළසුම් කර තිබෙන්නේ ද යන්න පිළිබඳ විමසූ විට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ අලි සබ්‍රි අධිකරණ අමාත්‍යවරයා ලෙස සිටිය දී සිංගප්පූරුවේ දී ඒ ගැන සාකච්ඡා කළ බවට තමන්ට වාර්තා වී නැති බවයි. කවුරුන් සමඟ එවැනි සාකච්ඡාවක් කළාද යන්න තමන් නොදන්නේ යැයි කියූ වත්මන් ජනමාධ්‍ය අමාත්‍යවරයා කීවේ එවැනි කරුණක් සම්බන්ධයෙන් කමිටුවකට හෝ අමාත්‍ය මණ්ඩලයට හෝ දැනුම් දී නැති බවයි.

එහි දී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මාධ්‍ය වාරණය කිරීම හෝ සීමා පැනවීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි. මාධ්‍ය සංවිධානන, සිවිල් ක්‍රියාකාරිකයන් සහ ප්‍රධානන සමාජ මාධ්‍ය ජාල ආයතන අතර රජයේ ඒකබද්ධ නියාමන ප්‍රතිපත්තියක් සැකසීමට සියලු රටවල් පිළිගෙන ඇති නියාමන ප්‍රතිපත්තියක් සකසන්න කටයුතු කරනවා. සමහර ආගමික, වාර්ගික ගැටලු ඇතිවන සහ පුද්ගලයන් අතර ගැටුම් ඇතිවන දේ ගැන නියාමනයක් තිබිය යුතු බව ලෝකයම පිළිගන්නවා. එවැනි නියාමනයක් මිස පාලනයක් අවශ්‍ය නෑ”

වත්මන් විදේශ ඇමති අධිිකරණ ඇමති ලෙස සිංගප්පූරු රජය සමඟ සාකච්ඡා කර ‍දුස් තොරතුරුවලට එරෙහි පනතක් ගෙන ඒමට කෙටුම්පත් කර තිබූ බවත්, එය පසුගිය අර්බුදකාරී අවස්ථා හේතුවෙන් මඟ හැරී ගොසස් දැන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා යටතේ කෙටුම්පත ඉදිරියට රැගෙන යාමට සාකච්ඡා කර ඇති බව ද ගයන්ත කරුණාතිලක ඇමතිවරයා පැවසීය. එබැවින් එවැනි කරුණ සම්බන්ධයෙන් පොලිසිය සමඟ පවා සාකච්ඡා කර ඇති බැවින් ඒ ගැන රජයේ ස්ථාවරය දැනගැනීමට අවශ්‍ය බව ද ගයන්ත කරුණාතිලක හිටපු ජනමාධ්‍ය ඇමතිවරයා කීවේය.

එහි දී අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ කැබිනට් මණ්ඩලයට එවැනි පත්‍රිකාවක් ඉදිරිපත්ව නැති බවයි. විවිධ නීති රීති සහ වෙනස් කිරීම් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා ලෙස අලි සබ්‍රි දැක්වූ අදහස් සම්බන්ධයෙන් තමා නොදන්නා බැවින් ඒ ගැන ඔහු ශ්‍රී ලංකාවට පැමිණි පසු සාකච්ඡා කර දැන්විය හැකි බව ද ගුණවර්ධන අමාත්‍යවරයා කීවේය.

ගයාන්ත කරුණාතිලක අමාත්‍යවරයා මෙසේ කීවේය.

“ආසියාවේ සමාජ මාධ්‍යයට නීති ගෙනාපු කිසිම රටක් සාර්ථක වෙලා නෑ ඇමති තුමා. ඉන්දියාව පවා අසාර්ථකයි. සමාජ මාධ්‍ය කියන්නේ අලුත් සංකල්පයක් 21 වැනි සියවසේ තොරතුරු සන්නිවේදන කටයුතු සඳහා 19 වැනි සියවසේ යල් පැන ගියපු නීති අනුව ක්‍රියාත්මක වෙන්න බෑ. ජිනීවාවල දී අපිට එල්ල වී තිබෙන චෝදනා ඉතාමත් දරුණුයි. ‍ප්‍රකාශනයේ නිදහස පාලනය කරන්න ගියොත් ජිනීවාවලින් මේකත් නතර වේවි. මේක පාලනය කරන්නේ නැතිව නවසීලන්තයේ මෙන් ස්වයං නියාමනයක් කරානම් හොඳයි.”

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කීවේ එසේ කළ හැකිනම් එය හොඳ බවයි. අපේ පාර්ලිමේන්තුව එංගලන්ත සම්ප්‍රදායට ගියාට ඒ වගේ වෙන්න අපිට බෑ. ඇතැම් පුද්ගලයන්ගේ ජීවිත පවා සමාජ මාධ්‍ය නිසා අහිමි වෙනවා. සමහර පවුල් ආරවුල් ඇතිවෙලා. සමාජයට මුහුණ දෙන්න බැරිව සියදිවි නසා ගන්නවා. මේවා නියාමනයට මිසක් පාලනය කරන්න නීති ගේන්නේ නෑ. මේ උත්තරීතර සභාව තුළවත් ශික්ෂණයක් ඇති කරන්නේ නැතිවව අද සමාජයේ  පුළුල්ව තිබෙන සමාජ මාධ්‍ය සඳහා නියාමනයක් අවශ්‍යයි කියා මා සිතනවා.”


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka