gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අර්ජුන නිවාස ව්‍යාපෘතියකට අර අඳී...! ‘96’​ ලෝක ශූරයන්ට තෑගි දුන් ඉඩම් උදුරාගන්න යයි

1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය අගයමින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට රජයෙන් තෑගි දුන් බත්තරමුල්ලේ පිහිටි ඉඩම් කොටස්වල සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යාම හේතුවෙන් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හා නාගරික සංවර්ධන අධිකාරිය අතර දරුණු මත ගැටුමක් හටගෙන ඇත.

මේ සම්බන්ධයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපායේ නවවැනි මහලේ පිහිටි සභාපතිවරයාගේ කාමරයේදී පෙරේදා (03 වැනිදා) සවස හිටපු ක්‍රිකට් නායකයා අර්ජුන සහ නිලධාරීන් අතර දැඩි වචන හුවමාරුවක් සිදු වී තිබේ.

මෙහි දී ආවේගශීලී ලෙස හැසිරෙමින් හිටපු ඇමැතිවරයකු ද වන අර්ජුන රණතුංග පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය කඩිනමින් කළ යුතු බවයි. මෙය විදෙස් ආයෝජකයකු සමග එක්ව කරන ව්‍යාපෘතියක් බවද ඔහු නිලධාරීන්ට පෙන්වා දී ඇත.

ක්‍රීඩකයන්ට තෑගි ඔප්පුවකින් ලබාදුන් මෙම ඉඩමේ ආයෝජනයක් කර නිවාස පිට අයට විකිණීමට යාමේදී ඔප්පු ලබාදීමේ ගැටලු සහගත බවත්, එය කැබිනට් පත්‍රිකාවට පටහැනි බවත් නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබේ. 1996 දී විල්ස් ලෝක කුසලානය දිනාගැනීම වෙනුවෙන් එවක ක්‍රීඩා ඇමැතිවරයා වූ එස්.බී. දිසානායක කැබිනට් පත්‍රිකාවකින් ක්‍රීඩකයන් 14 දෙනකුට බත්තරමුල්ලෙන් මෙම ඉඩම් කැබලි ලබා දී ඇත. බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පරිසර අමාත්‍යාංශය ඉදිරිපස වූ රජයේ ඉඩමක පර්චස් දහය බැගින් වූ කැබලි 14ක් මෙසේ වෙන්කර දී තිබේ. ඒ 1997 ජනවාරි 22 කැබිනට් මණ්ඩලයට ලබාදුන් කැබිනට් මණ්ඩල පත්‍රිකාව අනුවය.

ලෝක කුසලානය දිනාදීම වෙනුවෙන් ගෞරවයක් ලෙස රුපියල් දහසකට පර්චස් දහයක ඉඩම් කැබැල්ල බැගින් මෙහිදී ක්‍රීඩකයන්ට ලබා දී තිබේ.

විල්ස් රියල්ටර්ස් නමින් පෞද්ගලික සමාගමක් පිහිටුවා සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අර්ජුන රණතුංග අවසර ඉල්ලා ඇත්තේ මෙම ඉඩම්වලය. අර්ජුන එවකට කුසලානය දිනූ කණ්ඩායමේ නායකයාද වෙයි.

මුලදී ක්‍රීඩකයන් දාහතරදෙනාගේම ඉඩම් එක්කර මෙම ඉදිකිරීම සඳහා අවසර ඉල්ලා තිබේ. එහිදී අදාළ සමාගම ගැන විස්තර ලබාදෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දීමෙන් පසු මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වී ඇති අතර යළිත් 2021 පෙබරවාරි 01 වැනිදා නාගරික සංවර්ධන අධිකාරියට මේ පිළිබඳ ඉල්ලීමක් ලැබී ඇත.

ක්‍රිකට් ලෝක කුසලානය දිනාදීම වෙනුවෙන් ඉඩම් හිමි වූ මාවන් අතපත්තු, රොමේෂ් කලු විතාරණ හා ප්‍රමෝදය වික්‍රමසිංහ ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනකු තම ඉඩම් මෙම සමාගමට පැවරීමට තම විරෝධය පළකරමින් නාගරික සංවර්ධන අධිකාරියට ඒ බව ලිඛිතව දන්වා ඇත.

නාගරික සංවර්ධන ඇමැති ලෙස පසුගියදා ප්‍රසන්න රණතුංග පත්වීමෙන් පසු ඉකුත් අගෝස්තු 23 වැනිදා යළිත් අර්ජුන රණතුංග ඇතුළු ක්‍රිකට් කණ්ඩායමේ අටදෙනකු නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අනුමැතිය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

එවැනි යෝජනා මැද පෙරේදා (03 වැනිදා) නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට එක් වූ නීති අංශයේ හා ඉඩම් අංශයේ නිලධාරීන් මේ පිළිබඳ නෛතික ගැටලු පෙන්වා දීමත් සමග එම සාකච්ඡාවට එකව සිටි අර්ජුන රණතුංග උණුසුම් වචන හුවමාරුවක පැටලී ඇත.

මේ සම්බන්ධව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්ගෙන් ‘අරුණ’ කළ විමසුමකදී ඔහු පැවසුවේ; ‘‘අපි ​අපේ ප්‍රතිපත්ති හා නෛතික රාමුවේ ඉඳන් සාකච්ඡාව කරද්දී ඒ අය බලාපොරොත්තු වන පිළිතුරු නොමැති වූ නිසා විවිධ කතාබහ සිදු වුණා.”

‘‘මේක තෑගි ඔප්පුවකින් අනූනව අවුරුදු බද්දට දීපු ඉඩම්. ක්‍රීඩකයන් අටදෙනෙක් සමාගමක් මාර්ගයෙන් නව නිවාස සංකීර්ණයක් හදන්න යනවා. මෙතැනදී අපි දුන්න ඉඩමේ ඔප්පුව වෙන කෙනකුට පවරන්න බැහැ කියලා කැබිනට් පේපර් එකේ කොන්දේසි තියෙනවා. එතකොට මෙතැන ගෙවල් සීයක් හැදුවත් අනිත් අයට විකිණිය නොහැකි බව අපි අවධාරණය කළා. එහෙම කරනවා නම් යළිත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතුයි. එම ක්‍රියාවලිය ඉක්මන් නොවීම ගැන ඒ අයගේ කනස්සල්ල පළවුණා. කොහොම වුණත් මේක එයාලා රටට ගෙනාපු කීර්තියට දුන්න තෑග්ගක් පමණයි යැයිද සභාපතිවරයා පැවැසීය.

මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගෙන්ද විමසීමට අප ඔහුගේ දුරකතන අංකයට ඇමතුවද ඔහු ඊට සම්බන්ධ කිරීමට දුරකතනය තබාගෙන සිටි පුද්ගලයා කටයුතු කළේ නැත.

– Aruna


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka