ලක්ෂ 69ක් ගත්ත ගෝඨාවයි ලක්ෂ 68ක් ගත්ත මහින්දවයි ගෙදර යැව්වෙ ලක්ෂ 2කටත් අඩු පිරිසක්! පොහොට්ටුවේ සාගර ගණන් හෙළිකරයි! (VIDEO)
බුද්ධි අංශ වාර්තා අනුව අරගලයට සම්බන්ධ වී ඇත්තේ ලක්ෂ දෙකකට අඩු පිරිසක් බව අනාවර්ණය වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, පොළොන්නරුවේ පැවති ජන හමුවකට එක් වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා,
“දැනට සති කිහිපයකට පෙර බුද්ධි අංශ ප්‍රධානියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අරගල ගැන හෙළිකිරීමක් කළා. බුද්ධි අංශ සංඛ්‍යා ලේඛන අනුව අරගලයට සම්බන්ධ වුණ පිරිස ලක්ෂ දෙකකට අඩුයි. ඒකට බය වෙලා අපි අඩියක් පිටුපසට ගත්තා. බයවුණු අය ස්වාධීන වෙන්න ගියා. ස්වාධීන වීම පිටුපස තිබුණේ බයක් නෙමේ කුමන්ත්‍රණයක්. “
ලක්ෂ 69ක් ගත්ත ගෝඨාවයි ලක්ෂ 68ක් ගත්ත මහින්දවයි ගෙදර යැව්වෙ ලක්ෂ 2කටත් අඩු පිරිසක්! පොහොට්ටුවේ සාගර ගණන් හෙළිකරයි! (VIDEO)
2022-10-16T10:33:00+05:30
Gossip Lanka Hot News





