gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පොහොට්ටුවේ ජ්‍යේෂ්ඨයන්ගේ විරෝධය!

මෙම සතියේ විවාදයට ගැනීමට සැලසුම් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත දැනුම් දී ඇති බවට වාර්තා වනවා. 
ඒ ඊයේ (03) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී යි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේ දී ඊයේ රැස් වී ඇති අතර, එහි දී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව දීර්ඝ වශයෙන් සංවාදයට ලක්කර ඇති බව සඳහන්.

පසුගිය මස 29 වනදා කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වුණේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදය මේ මස 06 සහ 07 පැවැත්වීමට යි.

කෙසේ වෙතත් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී මේ මොහෙතේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවට මන්ත්‍රීවරුන් රැසක් කරුණු දක්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. එහි දී පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරයා සතු බලතල අහෝසි කිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව යි.

එමෙන්ම එම බලතල අත්හැරීමට මෙය සුදුසු අවස්ථාවක් නො වන බවත් රට ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා සතු බලතල අවශ්‍ය බවටත් ඔහු පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ මේ මොහොතේ සිතිය යුතු අවස්ථාවක් නො වන බවට ද එම ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 30කට වැඩි පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට විරුද්ධත්වය පළ කර ඇති බවට වාර්තා වන්නේ.

එවන් පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හොත් ඊට පාර්ලිමේන්තුවෙන් සුභවාදී ප්‍රතිචාරයක් නො ලැබෙනු ඇති බවට එම මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.

එය ජනාධිපතිවරයාට ද ගැටලුවක් වනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊයේ (03) පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී පෙන්වා දී ඇති බවට යි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර විවාදයට ගැනීමට නියමිත මෙම පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද පාර්ලිමේන්තුවේ දී රැස්වන්නේ විෂය භාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වනු ඇති.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka