මේ වනවිට රටේ යුද්ධයක්, ත්‍රස්තවාදයක්ය නොමැති බැවින් අධි ආරක්ෂිත කලාප අනවශ්‍ය බව හිටපු යුදහමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අධිආරක්ෂිත කලාප අවශ්‍ය වන්නේ බයෙන් සිටින පාලකයන්ට බවත්, මේ යන ආකාරයට පාලකයන්ට යන යන තැන අධිආරක්ෂිත කලාප දමා ගැනීමට සිදුවනු ඇති බවත්ය.