ඇෆ්ලාටොක්සීන් අඩංගු වස ත්‍රිපෝෂ කළුතරට… තොගයේ කොටසක් ආ ගිය අතක් නෑ – උපුල් රෝහණ
කලුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත නිකුත් කළ ත්‍රිපෝෂ තොගයේ ඇෆ්ලාටොක්සීන් අන්තර්ගත බවත්. මෙම තොගයේ ඉතිරි තොගය උතුරු නැගෙනහිර ප්‍රදේශයන්ට බෙදා හැර ඇති බවට සැකයක් මතු වන බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අනාවරණය කරයි.
කලුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ත්‍රිපෝෂ කොට්ට 150 ක් පමණ නිකුත් කර ඇති නමුත් එක්තොගයක් තුළ කොට්ට 150ට වඩා වැඩියෙන් අන්තර්ගතවන බැවින් ඉතිරි තොගය බෙදා හැරි ප්‍රදේශය කුමක්ද යන්න පිලිබඳව ත්‍රිපෝෂ සමාගම අනාවරණය නොකරන බවද හෙතෙම පැවසීය
කෙසේ නමුත් ඇෆ්ලාටොක්සීන් අන්තර්ගත ඉතිරි ත්‍රිපෝෂ තොගය බෙදා හැර තිබෙන ප්‍රදේශයන් පිලිබඳව තම සංගමය දිගින් දිගටම අවධානය යොමු කරමින් පරික්ෂා කරන බවද උපුල් රෝහණ පැවසුවේය.
- lankasara
ඇෆ්ලාටොක්සීන් අඩංගු වස ත්‍රිපෝෂ කළුතරට… තොගයේ කොටසක් ආ ගිය අතක් නෑ – උපුල් රෝහණ
2022-09-23T21:52:00+05:30
Gossip Lanka Hot News






