gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අගමැතිකමට යෝජනා වූ ජෙයරාජ් ඝාතනය කලා... අදටත් ඝාතකයන් නිදැල්ලේ - සුදර්ශනී (VIDEO)

එවකට භික්ෂූන් වහන්සේලා විසින් අග්‍රාමාත්‍ය ධුරයට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පත් කරන ලෙස ඉල්ලීම් කර තිබූ අවස්ථාවක ඒ මහතා ඝාතනය වූ බව ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ බිරිඳ වන පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රටේ නීති පද්ධතියට මෙතෙක් සැබෑ ඝාතකයන් සොයා ගැනීමට නොහැකි වීම ප්‍රශ්න සහගත බවත් ඒ හේතුවෙන් සැබෑ ඝාතකයන් අද වන විටත් නිදැල්ලේ සිටින බවත් ඇය සදහන් කරයි.

පසුගියදා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනයට අදාළ නඩුවේ සියළු චූදිතයන් නිදහස් කිරීම තුළින් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා විසින් බෝම්බයක් බැඳගෙන සියදිවි හානිකර ගත්තාදැයි තමන්ගේන් ඇතැමුන් අසන බව ද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ඇය මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka