gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වරායේ තියෙන තෙල් නැව් 3කට ගෙවන්න ඕන ප්‍රමාද ගාස්තු විතරක් ඩොලර් විසිඅට ලක්ෂය පනී! මාස හයකට රටට ඕන කරන තිරිඟු පිටි ගෙන්වන සල්ලිලු!

මේ වන විට දිවයිනට පැමිණ තිබෙන ඉන්ධන නැව් තුනක් සදහා ගෙවිය යුතුව තිබෙන ප්‍රමාද ගාස්තුව ඇමරිකානු ඩොලර් විසි අට ලක්ෂ විසි දහස ඉක්මවන බව වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා පවසයි. 
බොරතෙල් මෙට්‍රිල් ටොන් ලක්ෂයක් රැගෙන ආ නෞකාවක් දින විසි දෙකක් තිස්සේ මුහුදේ නවත්වාගෙන සිටින අතර ඒ නැවට ගෙවිය යුත-ු ප්‍රමාද ගාස්ත-ුව ඇමරිකානු ඩොලර් විසි හතර ලක්ෂ හතලිස් දහසකි.

ඩීසල් මෙට්‍රික් ටොන් 37500 ක් රැගත් නෞකාව සදහා ඩොලර් ලක්ෂ දෙකකට ආසන්න මුදලකුත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000 ක් රැගත් තවත් නෞකාවක් සදහා ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ අසූ දහසකට ආසන්න මුදලකුත් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවිය යුතුව තිබේ.

ඉන්ධන නැව් සදහා ගෙවීමට තිබෙන ප්‍රමාද ගාස්තු වලින් මාස හයකට ප්‍රමාණවත් තිරිගු පිටි රටට ගෙන්විය හැකි බව ද ආනන්ද පාලිත මහතා පවසයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka