gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අතුරුදන් වූ සරසවි සිසුවාගේ සිරුර මහවැලියෙන් හමුවෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදි පසුගිය 16 වැනි දින අතුරුදන් වූ අංජන කුලතුංග නමැති සිසුවාගේ සිරුර අද (21) පස්වරුවේ හමු වී තිබෙනවා. 
ඒ මහවැලි ගඟේ තිබියදීයි.

පසුගිය 16 වැනි දින සිට මෙම ශිෂ්‍යයා අතුරුදන් ව ඇති බවට පේරාදෙණිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි පොලිසිය සිසුවා සෙවීමෙ මෙහෙයුම් ආරම්භ කළේ.

මෙලෙස අතුරුදන් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මනෝ විද්‍යාව අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.

එම ශිෂ්‍යයා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සොයාගෙන තිබුණා.

ගම්පහ – යක්කල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියෙහි පසුවන මෙම සිසුවා සියදිවි හානී කරගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka