gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දරුවාගේ අධ්‍යාපන වැඩවලට ලන්ඩන් යන්න ඕනෙ! ව්‍යාපාරික වැඩකට ඉතාලියට යන්නත් ඕනෙ! අධිකරණය රෝහිතට රට යන්න අවසර දෙයි!

පසුගිය මැයි මස 09 වැනිදා ඇති වූ සිද්ධියට අදාළව විදේශ ගමන් තහනමක් පනවා තිබූ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා. 
මන්ත්‍රිවරයාගේ දරුවාගේ විදේශ අධ්‍යාපනය සදහා එංගලන්තයට යාමට සහ ව්‍යාපාරික කටයුත්තක් සදහා ඉතාලියට යාමට අවසර ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත තාවකාලිකව මුදා හැරීමට අවසර ලබාදුන්නා.

ඔක්තෝබර් 10 සිට ලබන නොවැම්බර් මස 20 දක්වා විදේශ ගමන් තහනම් ඉවත් කෙරුණු අතර ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය රෙජිස්ටර් වරියට නියෝග කළා.

එම නඩුවට අදාළව ඔහු විදේශ ගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ වන්නේද යන්න මහේස්ත්‍රාත් වරයා විමසා සිටි අතර එහිදී විරෝධයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

රෝහිත අබේගුණවර්ධන මෙම නඩුවේ සැකකරුවෙක් ලෙස නම්කර නැති බවත් විමර්ශන සහාය සදහා නීතිපති උපදෙස් මත විදේශ ගමන් තහනම පනවා ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka