ජාඇල ප්‍රදේශයේ තරුණියකට පෞද්ගලික රෝහලක දී සිදු කරන ලද ශල්‍ය කර්මයක් හේතුවෙන් ඇය මියගිය එල්ලවන චෝදනා මත අදාළ වෛද්‍යවරයාට සත් සැත්කම් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන පරීක්ෂණයක ප‍්‍රතිඵල ලැබෙන තුරු මෙම සැත්කම් කිරීම තහනම් කර ඇත.
පරීක්ෂණයේ ප්‍රතිඵල මත අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට ද නියමිතය ජාල ප්‍රදේශයේ පදිංචි තරුණියක් බුද්ධිකා හර්ෂනී තම විවාහයෙන් දින 17කට පසු හටගත් සුළු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත වී ඇත.
එහිදී වෛද්‍යවරයා දන්වා ඇත්තේ ඇයගේ පිත්තාශයේ ගලක් ඇති බවයි.
ඒ අනුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී එම සැත්කම සිදු කර ඇත්තේ එකී වෛද්‍යවරයා විසිනි.
නමුත් ඇති වූ සංකූලතා මත ඇය රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් විසිපස් වැනිදා මිය ගොස් තිබේ.
ඥාතීන් චෝදනා කරන්නෙ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුව ඇති බවයි.
එම වෛද්‍යවරයා මීට පෙර ද සිදුකළ සැත්කම්වලින් රෝගීන්ට සංකූලතා ඇති වූ බවට තොරතුරු වාර්තා වී ඇති බවද පැවසේ.
මේ අතර එම වෛද්‍යවරයාට පුද්ගලික රෝහල්වල වෙලාවන් වෙන් කරන රෝගීන් ප‍්‍රමාණයද අඩු වී ඇතැයිද සදහන්ය.
