gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වැඩේ බකල් වෙයි! අඩුම ලංසුව තිබ්බ සමාගම ගල් අඟුරු දෙන්න බෑ කියයි! පැය ගාණක කරන්ට් කැපිල්ලක් අත ළඟ?

තමන්ට එල්ල කර ඇති චෝදනා නීත්‍යානුකූලව නිරාකරණය කරන තුරු ගල් අඟුරු සැපයුම් කළ නොහැකි බව අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු, දන්වා ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර කියයි. 
රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය හරහා ගල්අඟුරු ලබාගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබාදුන් සැපයුම්කරු, ඔවුන්ට එල්ලකර ඇති චෝදනා නීත්‍යානුකූලව නිරාකරණය කරන තෙක් සැපයුම් සිදුකිරීමට නොහැකි බව දැනුම්දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව අහිමිවී ඇති සැපයුම යථා තත්ත්වයට පත් කරමින් ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු කඩිනමින් ලබාගැනීමට සහ නීත්‍යානුකූලව එම පිරිස්වලට මෙන්ම සමාගම්වලට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka