gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැසිල්ට විදෙස්ගත වෙන්න අවසර!

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන ජනවාරි මස 15 වන දා දක්වා කාලය තුළ විදෙස්ගත වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්. 2) අවසර ලබා දී තිබේ.

ඒ අනුව, ඔහුට පනවා තිබුණු විදෙස් ගමන් තහනම අදාළ කාලය තුළ බල නොපැවැත්වෙනු ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම අද දින දක්වා දීර්ඝ කිරීමට ශේ‍ර්ෂ්ඨාධිකරණය පසුගිය දා නියෝග කර තිබිණි.

ඒ, ඔවුන් දෙදෙනා ඇතුළු 39 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් රට මුහුණදී ඇති බරපතළ ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් සේ නම් කොට ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka