gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාර්ලිමේන්තුව විසුරුවා හදිසි මහ මැතිවරණයක්! පොහොට්ටුවේ දැඩි විරෝධය!

2023 වසරේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුව ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමේ බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථානුකූලව පැවරෙයි. 
ඇති වී තිබෙන තත්ත්වය හමුවේ මැතිවරණයකට යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ නමුත් එසේ හදිසි මහ මැතිවරණ කර යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම එකඟ නොවන තත්ත්වයක් ද මතුව තිබේ.

ඔවුන් දැනට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ නිල කාලය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙසයි.

පාර්ලිමේන්තුවේ ජනාධිපති නිලවරණයේදී වික‍්‍රමසිංහ මහතාට ඡුන්දය ලබා දීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ද පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් විසුරුවා නොහැරීමයි.




gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka