පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කරන සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කර තිබේ.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 35 – 1 වගන්තිය යටතේ ජනාධිපති ධූරය දරණ පුද්ගලයකුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකිය. මෙම නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් ජනාධිපතිවරයාය. එබැවින් ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බව ද සත්පුද්ගල විනිසුරු මඩුල්ල ලබා දුන් නියෝගයේ සඳහන් වේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වත්මන් ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටියේය.