gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුම්රිය ඉඩම් පර්චසයක් අවුරුද්දකට රුපියල් සියය බැගින් බදු දීමට යයි

දුම්රිය රක්ෂිත තුළ කෙටි කාලීන බෝග වගාව සඳහා අවසර ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (03) පොළොන්නරුවේදී පැවසීය.

බදු සහන ක්‍රමය යටතේ එය ලබාදෙන බවත් මේ අනුව වසරකට පර්චසයක් සඳහා රුපියල් සියයක් අය කරන බවද අමාත්‍යවරයා හෙතෙම පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ දුම්රිය රක්ෂිත ආශ්‍රිත පවතින ගැටලු සම්බන්ධයෙන් පොලොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපය දී පැවැති ජංගම සේවය සේවා වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

“ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත්,අපි ඔක්කොම කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා.මේ ආහාර අර්බුදය නිසා වගා කටයුතු කිරීම සඳහා හදිසි අවශ්‍යතාවය නිසා කෙටි කාලීන බෝග වගාව සඳහා දුම්රිය රක්ෂිත බදු පදනම යටතේ ගොවි සංවිධාන වලට ලබා දෙන්න එහිදී අප අයකරන්නේ පර්චස් එකකට අවුරුද්දකට රුපියල් සීයක් පර්චස් දහයක් බදු ගත්තොත් රුපියල් දාහයි.

රුපියල් දාහකට අවුරුද්දයි වගා කරන්න පුළුවන් හැබැයි හේනේ පැල් රකින්න කියලා පැලක් එහෙම හදන්න බෑ.කිසිම ඉදිකිරීමක් කරන්න බෑ,කෙටි කාලීන බෝග පමණයි මිරිස් සිටවන්න.අල බතල වියළි කලාපය හැදෙන වෙනත් බෝග වර්ග.ධාන්‍ය වර්ග මුං මෙවැනි කෙටි කාලීන බෝග වගා කරන්න තමුන්නාසේලාට ගොවි සංවිධාන මට්ටමෙන් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්තුමා හම්බෙලා කතා කරලා මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන්.”

මේ අතර සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සංචාරක දුම්රිය ගමන් වාර කීපයක් ද කොළඹ සිට ප්‍රදේශ කීපයකට එක් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

දුම්රිය රක්ෂිතවල දැනට පදිංචි වී සිටින පුද්ගලයින් සඳහා බදු බලපත්‍ර ප්‍රදානය කිරීමත් ද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.

– ADA


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka