gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සභාගය එළිදැක්වීම අද!

ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ගොඩනැගීමට නියමිත නව සභාගයේ කළඑළි මංගල්‍යය අද ඉරිදා සවස 3:00ට මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. 
මෙහිදී නව සභාගයේ නාමය ප්‍රකාශයට පත් කිරීම, සභාගයට එක්වන පක්ෂයන්හි නායකයන් එහි ප්‍රතිපත්ති ප්‍රකාශයට ජනතාව ඉදිරියේ අත්සන් තැබීම හා නව නිලධාරි මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම ද සිදු කෙරෙනු ඇත

 එසේ නව සභාගය ජනගත කිරීමෙන් අනතුරුව එහි නායක මණ්ඩලය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී, වීරසිංහ, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු හා විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දැක්වීමට නියමිතව ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka