gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

UPDATE : ප්‍රභූ ආරක්ෂකයන් එක්ක ඩිෆෙන්ඩරයකින් ඇවිත් සිසුවකුට ලේ පෙරෙනකම් ගහලා තියෙන්නේ ඇමැති ප්‍රසන්න රණවීරගේ පුතා!

දෙනෝදහක් බලා සිටියදී ඩිෆෙන්ඩර් රථවල ආරක්ෂාව මැද කිරිබත්ගොඩ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් ඉදිරිපිටදී පන්තියට පැමිණි සිසුවකුට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා බව ‌අනාවරණය වී ඇත. 
අමාත්‍යවරයාගේ පුත්‍රයා 20 හැවිරිදි වියේ පසුවන්නකු බව හිරු වෙබ් අඩවිය වාර්තා ‌කොට තිබේ.

මේ සම්බන්ධයෙන් අප අද පෙරවරුවේ පළ කළ පුවත මෙසේය.

දෙනෝදහක් බලා සිටියදී ඩිෆෙන්ඩර් රථවල ආරක්ෂාව මැද පැමිණි ඇමැති පුතෙක් යැයි කියාගත් තරුණයකු ඇතුළු කණ්ඩායමක් කිරිබත්ගොඩ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් ඉදිරිපිටදී පන්තියට පැමිණි සිසුවකුට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර ඇත.

ගම්වාසීන් පවසන අන්දමට විස්සක පමණ කණ්ඩායමක් එම සිසුවාට ලේ වැගිරෙන තුරු පහරදී තිබේ.

පහරදුන් පිරිසට අමතරව කළු ඇඳුම් ඇඳගත් ප්‍රභූ ආරක්ෂකයන් මෙන් වූ පිරිසක් ඩිෆෙන්ඩර් රථවලින් පැමිණ අසල සිටි බවද ගම්වාසීහු පවසති.

ඇමැති පුතා යැයි කියමින් පෙනී සිටි තරුණයාගේ පෙම්වතියට අදාළ උපකාරක පන්තියේදී පෙම් හසුනක් දුන් වරදට මෙම පහරදීම කර ඇතැයි හෙළි වී තිබේ.

පෙරේදා (26) රාත්‍රි 7.30ට පමණ දරුණු ප්‍රහාරයකට ලක්වෙමින් සිටි තරුණයා ගැන පොලිස් හදිසි ඇමතුම් අංශයට හා කිරිබත්ගොඩ පොලිසියට අවට පිරිස් දුරකතන ඇමතුම්
කිහිපයක් දී ඇතත් ‘හදිසිවෙන්න එපා එන්නම්’ කියමින් පොලිසිය දැනුම් දී ඇතැයිද හෙළිවිය.

කිරිබත්ගොඩ පොලිසියේ සිට මීටර් පනහක් පමණ දුරකින් මෙම උපකාරක පන්තිය පිහිටා ඇත.

එම ප්‍රහාරය වාහනවල ගමන් ගත් පිරිස් පවා වාහන නවත්වා බලා සිට ඇතත් කිසිවකුත් එය නැවැත්වීමට උත්සාහ ගෙන නොමැත. ඒ එය වැළැක්වීමට ගිය දෙදෙනකුටත් කලහකාරීන්
පහරදීම නිසාය.

අවට පිරිස් දිගින් දිගටම පොලිසියට දුරකතන ඇමතුම් දී පහරකෑමට ලක්වන තරුණයා මැරෙනතුරු නොපැමිණෙන්නේදැයි විමසා ඇත.

මෙම පහරදීම වැළැක්වීමට එහි සිටි අයකු උත්සාහ ගන්නා මොහොතේ ඇමැති පුතාගේ කල්ලියෙන් ගැලවුණු තරුණයා උපකාරක පන්තිය වෙත දිවගොස් ඇත. එහිදීත් ප්‍රහාරකයන් එම
පන්තියට කඩා වැදී තරුණයාට පහරදී තිබේ.

පොලිසියේ හත්දෙනකු පමණ අවසන් මොහොතේ පිස්තෝල ඇතැතිව සිවිල් ඇඳුමින් එහි පැමිණෙද්දී ප්‍රහාරකයන් පලා ගොස් සිට ඇත.

ප්‍රහාරය එල්ල කළ පිරිස හුණුපිටිය වත්තල පාර දෙසට ගිය බවත්, එම ප්‍රදේශයේ මාර්ගයේ ඇති තත්ත්වය මත නැවත වාහන හරවාගෙන පැමිණිය හැකි බවත් ගම්වාසීන් පෙන්වා දී තිබේ.

ඒ වන විට ඇමැති පුතා බවට කියමින් පෙනී සිටි තරුණයා පැමිණි ටොයෝටා 141 වර්ගයේ කළු පැහැති මෝටර් රථය පොලිසිය දෙසට යළිත් පැමිණෙද්දී අවට පිරිස් වාහනය පෙන්වා දුන් පසු පොලිසිය එය නවතා එහි සිටි අය පොලිසියට රැගෙන ගොස් ඇත.

මෙම සිදුවීමට අදාළව තුවාල ලද තරුණයකු රෝහල්ගතව සිටින බවත්, ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ඇපමත මුදාහැරිය බවත් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අරුණ කළ විමසුමකදී පැවැසීය.

කැලණිය නියෝජනය කරන ඇමැතිවරයකුගේ පුතෙකු මෙහි සිටි බව හඳුනාගෙන තිබේ. දිගින් දිගටම මෙම උපකාරක පන්තිය අසල ගැටුම් හටගන්නා නිසා මෙම සිද්ධියට අදාළ CCTV
දර්ශන සැලකිල්ලට ගෙන මෙවැනි අමානුෂික ගැටුම් වැළැක්වීමට කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ඊයේ (27) සාකච්ඡා කර ඇත. -අරුණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka