gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මානව හිමිකම් ගැන කිසිවක් ජනපති රනිල්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ – නීතීඥ නුවන් බෝපගේ ජිනිවාහිදී කියයි

ශ්‍රි ලංකාවේ සාමකාමී විරෝධතා හමුවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාලනය තුළ සිදු කළ ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරය සැලකීමේදී අර්ථාන්විත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට හෝ මානව හිමිකම් සුරැකීමක් පිළිබඳව කිසිදු සුබවාදී බලාපොරොත්තුවක් තබා ගැනීමට ඉඩක් නොමැති බව නීතිඥ නුවන් බෝපගේ  අද ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ  සමගාමී සැසිවාරයක් අමතමින් ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සහ  මානව හිමිකම් රැකීම පිළිබඳව බල කරන ලෙස එකස් ජාතීන්ගේ මානව හිමිකම්  කවුන්සිලයෙන්  නීතිඥවරයා ඉල්ලීමක් කළේය. .

වර්තමාන රජය විසින් ගෙන යන මර්දනකාරී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ව මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කිරීම සඳහා එම කවුන්සිලයේ 51ක් වැනි සිසවාරයට අදාළ සමගාමී සැසි සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට නුවන් බෝපගේ  යන්නේ     සාමකාමී විරෝධතාකරුවන් නියෝජනය කරමිනි. නීතීඥ බෝපගේ එහිදී ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ ශ්‍රි ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව අවධානය යොමු කරවන ලෙසය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ නීතීඥ බෝපගේ  මෙසේ ද පැවසුවේය.

“ වර්තමාන ආර්ථික අර්බුදය සහ දිගු කාලීන ව ශ්‍රි ලංකාව පෙළන ප්‍රශ්න පිළිබඳව ඉතා පැහැදිලිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රි ලංකාව පිළිබඳ ව සිය වාර්තාවෙන් දක්වා තිබෙනවා. නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, මානව හිමිකම් උල්ලංඝනය, වගවීමේ ප්‍රශ්න, ආර්ථික කළමනාකරණයේ බිඳ වැටීම ඇතුළු කාරණා රැසක් වර්තමාන අර්බුදය සමග බැඳී පවතිනවා.

පවතින වාතාවරණය තුළ කිසිදු ආකාරයකට රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරැකීම පිළිබඳව සුබවාදී බලාපොරොත්තුවක් තබා ගන්න බෑ. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ සාමකාමී විරෝධතාකරුවන් හමුවේ එල්ල කළ ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරය සැලකීමේ දී කිසිදු සුබවාදී බලාපොරොත්තුවක් තැබිය නොහැකියි.

වර්තමාන ජනාධිපතිවරයා වැඩ භාර ගැනීමෙන් පසු මාද ඇතුළු පුද්ගලයන් ගණනාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගල්වැවි සිරිධම්ම හිමි, හෂාන් ජීවන්ත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටිනවා.

අප මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා සිටිනවා. අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට විවිධ හිරිහැර  මේ අතරේ එල්ල වනවා.

මේ තත්ත්වය තුළ ශ්‍රි ලංකාවේ    සිදුවන   මානව හිමිකම් කඩවීම් මෙන්ම ආර්ථික අපරාධ සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට පවතින ක්‍රියාමාර්ගවලින් සහ අලුතින් නිර්මාණය කරන ලද පිළිවත් තුළින් පාලනයට ලක් කරන ලෙස අප ඉල්ලා සිටිනවා“ 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka