කොළඹ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය ඇතුළු විදේශීය දූත මණ්ඩල පහක් වසා දැමීමට නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව බ්‍රැටිස්ලාවා (ස්ලෝවැකියාව), කොළඹ (ශ්‍රී ලංකාව) සහ ප්‍රිස්ටිනා (කොසෝවෝ) හි පිහිටි තානාපති කාර්යාල, මැඩගස්කරයේ ඇන්ටනානාරිවෝ තානාපති කාර්යාලය සහ හූස්ටන් (ඇමරිකා එක්සත් ජනපදය) කොන්සල් ජනරාල් කාර්යාලය වසා දමන බව විදේශ කටයුතු අමාත්‍ය ඇනිකන් හුයිට්ෆෙල්ඩ් පවසයි. ප්රකාශ කළේය.
ඒ අනුව, කොසෝවෝ, මැඩගස්කරය, ස්ලෝවැකියාව සහ ශ්‍රී ලංකාව සමඟ නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විකල්ප විධිවිධාන හරහා කටයුතු කරනු ලබන අතර, මේ පිළිබඳ වගකීම ළඟම ඇති නෝර්වේ තානාපති කාර්යාලයකට පැවරීමට හෝ අදාළ රට සඳහා නෝර්වේ හි සිටින තානාපතිවරයකු පත් කිරීමට නියමිතය.