gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලංකාවේ ඕනෑම අයෙකුට 100km ඇතුලත ජාත්‍යන්තර ගුවන්තොටුපලක් තිබෙනවා - ඇමති නිමල් කැනඩාවේ සිට කියයි

පසුගිය දශකයේ ගුවන් සේවා කේෂත්‍රයේ සියලු අංශ වලින් 4.5% ක වර්ධනයක් පෙන්වීමට හැකි වූ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි. 
අමාත්‍යවරයා මේ බව අවධාරණය කලේ කැනඩාවේ මොන්ට්‍රියල් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානයේ 41 වන සැසි වාරය අමතමිනි.

රටවල් 194 ක නියෝජිතයින් සහභාගී වන මෙම සැසි වාරය සැප්තැම්බර් 27 වන දින සිට ඔක්තෝබර් 07 වෙනිදා දක්වා මොන්ට්‍රියල් නුවරදී පැවැත්වේ. මෙහිදී තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ 2020 වසරේ සිට උද්ගත වූ කොවිඩ් වසංගතය හේතුවෙන් ගෝලීය ප්‍රජාවට ඉතාමත් සංකීර්ණ ජීවන රටාවකට හුරු වීමට සිදු වු බවත්, විශාල ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදු වු බවත්ය. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේප්‍රවාහන හා සංචාරක කේෂත්‍රයේ විශාල කඩා වැටීමක් සිදු වු අතරමෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල බාධාවක් විය.

ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්තිකය පවත්වාගෙන යාමට අවශ්‍ය විදේශ විනිමය උපයා ගන්නේ සංචාරක ව්‍යාපාරය, විදේශ රැකියා සහ භාන්ඩ අපනයනයෙන්ය. එලෙස උපයන විදේශ විනිමය ඉතා වැඩි වශයෙන් වියදම් කරනුයේ ඉන්ධන, බෙහෙත්, පොහොර සහ අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අනයනය කිරීම සදහාය. මේ වන විට ඇතිව තිබු ආර්ථික අවපාතය අවම කිරීමට රජය විසින් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ තුලින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය යහපත් මට්ටමකට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබේ.නමුත් මෙම සියලු බාධක තත්වයන් යටතේ වුවත් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා කේෂත්‍රය පෙර තත්වයට පත්වෙමින් තිබීම සතුටට කරුණක් බව මෙහීදී අමාත්‍යවරයා පැවසීය.

මෙම කොවිඩ් බලපෑමෙන් පසුව ගුවන් සේවා කේෂත්‍රය පෙර තත්වයට පත් කිරීමට ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානය වග කිව යුතු සංවිධානයක් ලෙස ඉටු කල කාර්යභාරය සමාජික රටක් ලෙස ඉතා අගය කල අමාත්‍යවරයා ශ්‍රී ලංකාව තුල මේ වන විට ඕනෑම ප්‍රදේශයකට ඉතා පහසුවෙන් ලඟා විය හැකි අභ්‍යන්තර මාර්ග පද්ධතියක් සහ දුම්රිය මාර්ග පද්ධතියක් ඇති බවත් රටේ ඕනෑම පුරවැසියෙකුටම කි.මි. 100ක් ඇතුලත ජාත්‍යන්තර ගුවන්තොටුපලකට ලගා විය හැකි බැවින් ඒ තුලින් ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමට හැකි බවද පැවසීය.

මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ 41 වන සැසි වාරයේ සමුළු සභාපති ලෙස ඡන්දයෙන් පත් වූ නව සභාපතිතුමිය වෙත ශ්‍රී ලංකා රජයේ සුභා සිංසන පල කලේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති හර්ෂ නවරත්න මහතාද මෙම සැසියට සහභාගි විය.

විරාජ් අබේසිංහ
මාධ්‍ය ලේකම්


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka