gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ වැසි මැද පය ලිස්සා බෝක්කුවක සිරවී අවසන් ගමන් ගිය කුරුණෑගල පාසල් දරුවා! (VIDEO)

කුරුණෑගල ප්‍රදේශයට අද දවසපුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී ගිය බෝක්කුවකට ඇද වැටී පැයකට ආසන්න කාලය සිරවී සිටි  13 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් අද මරණයට පත් වූයේය.

මෙසේ අනතුරට ලක්වූයේ කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ නවය වසරෙහි අධ්‍යාපනය ලබමින් සිටි කුරුණෑගල ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි සචිත්‍ර සේනාරත්න නමැති ශිෂ්‍යයෙකි. ඔහු තමන් පදිංචි නිවස ආසන්නයේදීම මෙම අනතුරට ලක්වී ඇත.

පාසල නිම වීමෙන් අනතුරුව නිවසට යාම සඳහා පාසලේ සිට ජයන්තිපුර ප්‍රදේශයට පිවිසෙන අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුුහුණ පා තිබේ.

කුරුණෑගල බණ්ඩාරනායක විදුහලේ සිට සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථයකට ඉඩ දීම සඳහා මාර්ගය අයිනට වීමේදී ලිස්සා ගොස් ඔහු ඇල මාර්ගයට ඇද වැටී ඇති බව කියයි. ජල මාර්ගයේ ගසාගෙන ගොස් ඔහු බෝක්කුව තුළ සිරවී ඇත.

අඛණ්ඩව කුරුණෑගල ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇද හැළෙන අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ගලා බසින ඇල මාර්ගය පිටාර යමින් ජලය ගලාගෙන ගොස් ඇත. මේ හේතුවෙන් මාර්ගය ඇතුළු අවට ප්‍රදේශයම සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ගොස් තිබූ බව කියයි.

පසුව කුරුණෑගල පොලීසියේ සහ ඒ ආසන්නයේම පිහිටි වැහැර යුද හමුදා කඳවුරේ සෙබළුන් එක්ව බැකෝ යන්ත්‍රයක් යොදා බෝක්කුව කඩා ඉවත් කර ඉමහත් වෙහෙසක් දරා  බෝක්කුව තුළ සිරවී සිටි ශිෂ්‍යයා පැයකට පමණ පසුව මුදාගෙන ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබිණි.

අනතුරට ලක්ව සිටින ශිෂ්‍යයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් දරමින් සිටියේය. නමුත් ඒ වෙහෙස ව්‍යර්ථ වී ගියේය.

ඒ පොඩි එකා ජීවිතය හැර ගියේය.

ලංකාදීප –


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka