ලංකාවේ මන්දපෝෂණයක් නෑ... ඇත්තේ අධිපෝෂණය... වේලක් දෙකක් මගහැරීම ශරීරයට හොදයි - වෛද්‍ය සංගමයක් කොළඹ මාධ්‍ය හමුවක
ලංකාව තුළ ළමා මන්දපෝෂණය ඇති බවට පළ වන මතවාදයන් ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සඳහන් කරයි.
මෙරට මන්ද පෝෂණය ඇති බව පවසන්නේ එහි යම් යම් දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ වෛද්‍යවරුන් විසින් බව එම සංසදයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.
තමන් වෛද්‍යවරයෙක් ලෙස මෙරට කිසිදු මන්දපෝෂිත පුද්ගලයෙක් දැක නැති බවත් අප්‍රිකාවේ පින්තූර වලින් නම් දැක ඇති බවත් හෙතෙම පැවසීය.
ලංකාවේ කියන තරම් ලොකු අවුලක් නැති බව පැවසූ ඔහු තම සායනවලට එන අය දෙස බැලූ විට ලංකාවේ ඇත්තේ අධි පෝෂණ තත්ත්වයක් ඇයි ද සඳහන් කළේය.
ආහාර වේලක් දෙකක් මගේ මගහැරීම ශරීරයට ඉතාම හොඳ බවද හෙතෙම තව දුරටත් පැවසීය.
සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් ඉල්ලන මහතා කියා සිටියේ මන්දපෝෂණය යන වචනය ඉදිරියට දමාගෙන විවිධ පෝෂණ අතිරේක විකුණන සමාගම් වල ප්‍රචාරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන ආකාරයක් දිස්වන බව ය.
ඔවුන් මෙම අදහස් පළ කළේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.
තමන් වෛද්‍යවරයෙක් ලෙස මෙරට කිසිදු මන්දපෝෂිත පුද්ගලයෙක් දැක නැති බවත් අප්‍රිකාවේ පින්තූර වලින් නම් දැක ඇති බවත් හෙතෙම පැවසීය.
ලංකාවේ කියන තරම් ලොකු අවුලක් නැති බව පැවසූ ඔහු තම සායනවලට එන අය දෙස බැලූ විට ලංකාවේ ඇත්තේ අධි පෝෂණ තත්ත්වයක් ඇයි ද සඳහන් කළේය.
ආහාර වේලක් දෙකක් මගේ මගහැරීම ශරීරයට ඉතාම හොඳ බවද හෙතෙම තව දුරටත් පැවසීය.
සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් ඉල්ලන මහතා කියා සිටියේ මන්දපෝෂණය යන වචනය ඉදිරියට දමාගෙන විවිධ පෝෂණ අතිරේක විකුණන සමාගම් වල ප්‍රචාරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන ආකාරයක් දිස්වන බව ය.
ඔවුන් මෙම අදහස් පළ කළේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.
ලංකාවේ මන්දපෝෂණයක් නෑ... ඇත්තේ අධිපෝෂණය... වේලක් දෙකක් මගහැරීම ශරීරයට හොදයි - වෛද්‍ය සංගමයක් කොළඹ මාධ්‍ය හමුවක
2022-09-25T09:34:00+05:30
Gossip Lanka Hot News