අද (02) පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.
එය එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද තහවුරු කළේය.
පසුගියදා පාර්ලිමේන්තුවේ විපක්ෂයට එක්වූ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ කණ්ඩායමද අද පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.
ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් පීරිස් මහතා විසින් තහවුරු කර තිබේ.
මේ අතර ජාතික ජන බලවේගය පැවසුවේ අද දහවල් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී සිය තීරණය හෙළිකරන බවය.