gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මම ඉපදෙනෙකොට මේ රට කාටවත් ණය නෑ…" - ජනපති IMF නියෝජිතයන්ගේ ණය පිළිගනිමින් කියයි!

“මම ඉපදෙනකොට ලංකාව කාටවත් ණය නෑ. එක්සත් රාජධානියටත් ණය දීමටත් අපට සංචිත තිබුණා. “   
ජනාධිපතිවරයා  මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ඊයේ  (01)  පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී එසේ පැවසුවේය.

ණය අර්බුදයෙන් රට මුදා ගැනීම හා සමානවම සියලු ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත නොවැටීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් බව ද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.

එහදී  විස්තීර්ණ ණය පහසුකමක් (EFF) ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශ ප්‍රධානී, පීටර් බ්රියුවර් (Peter Breuer)   මෙම සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ඒ අනුව  ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මෙම ණය පහසුකම මාස 48ක ගිවිසුමකට යටත්ව ලබාදීමට නියමිතය.

“මේ තමයි අපි පළමු වතාවට රට බංකොළොත් බවට ප්‍රකාශ කරපු අවස්ථාව. බංකොළොත්බවින් ගොඩඒම සහ ණය අර්බුදයෙන් රට මුදා ගැනීම වගේම, සියලු සමාජ කොටස්වල ආර්ථික හා සමාජ ජීවන රටාව තවදුරටත් පහත වැටීම වළක්වාලීම මධ්‍යකාලීනව වැදගත්. ආරම්භය අපහසු වේවි. එහෙත් ඒක ඉතා වැදගත් වගේම  ඉදිරියට යාමේදී අපට වර්ධනයක් ළගාකරගත හැකියි.

අපේ රටේ ඉතිහාසයේ මේක වැදගත් පියවරක්. අපි කැපවෙන්නේ අපිට ලබාදී තිබෙන ඉලක්ක සපුරාගැනීම සඳහා පමණක් නොවේ. අපි එම ඉලක්ක පසුකරගෙන ඉදිරියට යා යුතුයි. මම ජාතියෙන් ඉල්ලා සිටිනවා අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අපි අපේ අදහස් වෙනස් කරගමු. එමගින් සමාජ සුබසාධන වැඩකටයුතු පවත්වාගෙන යාම වඩාත් පහසු වේවි.”

අපේකම රැකගත් ආර්ථිකයක් එදා අපේ රටේ තිබුණා. “ජාතියක් සහ පුද්ගලයෙක් වශයෙන් ණය බරින් නිදහස් විය යුතුයි” යන්න බුදු දහමටත් එකඟයි. දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්තිය වුයේ ද එයයි. එය අනුගමනය කිරීමට එතුමා කැපවුණා.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීම, ණය තිරසර බව ප්‍රතිෂ්ඨාපනය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම ආරක්ෂා කිරිම සහ දූෂණය පිටුදැකීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරා ගමන් කිරීම තුළින් ශ්‍රී ලංකාවට දියුණු විය හැකි අවස්ථාව ළගා කර ගැනීම මෙම ණය පහසුකමේ අරමුණ වේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka