කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති හෂාන් දිසානායක මහතා එම තනතුරින් ඊයේ (16) ඉවත් කරනු ලැබීය. හෂාන් දිසානායක මහතා ඊයේ (16) පෙරවරුවේ සේවයට වාර්තා කළ අවස්ථාවේදී අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුට කතා කර නව සභාපතිවරයකුට එහි වැඩ බාර ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස දැනුම්දී ඇතැයි එම ආයතන ආරංචි මාර්ගවලින් පැවසේ.
ඒ අනුව එම මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්. එම්.බී වීරසේකර මහතා
එහි සභාපති ධුරයේ ඊයේම වැඩ බාරගත්තේය.
පූර්ව දැනුම් දැනුම් දීමකින් තොරව තමා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත් කළ බව හෂාන් දිසානායක මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අප අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දිසානායක මහතාගේ කටයුතු සම්බන්ධයෙන් ආයතනයේ බොහෝ නිලධාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවීම සැලකිල්ලට ගෙන ඔහු එම තනතුරින් ඉවත් කළ බවයි.
එසේම ඔහු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගේ ඇතැම් නියෝග පවා නොතකා කටයුතු කර තිබූ බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
හෂාන් දිසානායක මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස වැඩ බාරගනු ලැබුවේ මෙම වසරේ පෙබරවාරි මස 23 වැනිදාය.