සිපෙට්කෝ බෙල්ලටම හිරවෙයි... ණය කපා ගනීයයි බියෙන් රාජ්‍ය බැංකුවක් ඇතුළු බැංකු 08කට මුදල් නොදමන්නැයි පිරවුම්හල්වලට දන්වති!
ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් ඉන්ධන තොග ඇනවුම් කිරීමේ දී මෙතෙක් මුදල් ගෙවන ලද රාජ්‍ය බැංකුවකට මුදල් නොගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබේ.
මෙම රාජ්‍ය බැංකුවට අමතරව තවත් පෞද්ගලික බැංකු හතකට ද මුදල් නොගෙවන ලෙස තෙල් සංස්ථාවේ නියෝජ්‍ය මූල්‍ය කළමනාකාරවරයා විසින් එසේ දැනුම් දී තිබේ.
එම නියෝගය අනුව රාජ්‍ය බැංකුවේ ගනුදෙනු කරුවන් වන පිරවුම්හල් හිමියන්ට බරපතල ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවී ඇති බවද ඔවුන් කියා සිටිති.
තෙල් සංස්ථාව විසින් මෙම රාජ්‍ය බැංකුවට විශාල ණය මුදලක් ගෙවීමට ඇති නිසා එම බැංකුවට මුදල බැර කල පසු ණය අයකර ගැනීමට කටයුතු කිරීම මත ගිණුම් මාරු කිරීම සිදුව ඇති බවද පිරවුම්හල් හිමියන් කියති.
ඉන්ධන අත්පිට මුදලට ලබා ගැනීම සඳහා මුදල් තැන්පත් කිරීමට දිවා කාලයේ බැංකුවට යාම දැඩි අවදානම් තත්ත්වයක් බවත් පවසන පිරවුම්හල් හිමියන් තම මූල්‍ය කටයුතු පාලනය කරගත නොහැකි සංස්ථාවේ බලධාරීන් පිරවුම්හල් හිමියන්ට වසර හැට දෙකක් පුරා ක්‍රියාත්මක වූ මුදල් ගෙවීමේ පහසුකම් අත්හිටුවා ඇති බවටද චෝදනා කරති.
එම නියෝගය අනුව රාජ්‍ය බැංකුවේ ගනුදෙනු කරුවන් වන පිරවුම්හල් හිමියන්ට බරපතල ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවී ඇති බවද ඔවුන් කියා සිටිති.
තෙල් සංස්ථාව විසින් මෙම රාජ්‍ය බැංකුවට විශාල ණය මුදලක් ගෙවීමට ඇති නිසා එම බැංකුවට මුදල බැර කල පසු ණය අයකර ගැනීමට කටයුතු කිරීම මත ගිණුම් මාරු කිරීම සිදුව ඇති බවද පිරවුම්හල් හිමියන් කියති.
ඉන්ධන අත්පිට මුදලට ලබා ගැනීම සඳහා මුදල් තැන්පත් කිරීමට දිවා කාලයේ බැංකුවට යාම දැඩි අවදානම් තත්ත්වයක් බවත් පවසන පිරවුම්හල් හිමියන් තම මූල්‍ය කටයුතු පාලනය කරගත නොහැකි සංස්ථාවේ බලධාරීන් පිරවුම්හල් හිමියන්ට වසර හැට දෙකක් පුරා ක්‍රියාත්මක වූ මුදල් ගෙවීමේ පහසුකම් අත්හිටුවා ඇති බවටද චෝදනා කරති.
සිපෙට්කෝ බෙල්ලටම හිරවෙයි... ණය කපා ගනීයයි බියෙන් රාජ්‍ය බැංකුවක් ඇතුළු බැංකු 08කට මුදල් නොදමන්නැයි පිරවුම්හල්වලට දන්වති!
2022-09-26T12:14:00+05:30
Gossip Lanka Hot News